(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පෙරවරු 11. 00  ට පැවැත්වීමට නියමිතය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙන මෙම රැස්වීමට සියලුම පක්ෂ නායකයෝ සහභාගි වෙති.