(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජන ආරක්ෂක පනත යටතේ ජුලී මස 18 වැනිදා නිකුත් කෙරුණු හදිසි අවස්ථා නීති කිහිපයක් සංශෝධනය කරනු ලැබ ඇත.
එම නීති සංශෝධනය කර ඇත්තේ අති විශේෂ ගැසට් නිවේදනයක් මගිනි.
ඒ අනුව සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහයේ 365(අ) සහ 365(ආ) වගන්ති ඉවත් කර එම සංග්‍රහයේ 408 සහ 410සිට 420 දක්වා වගන්ති හදිසි නීතියට අදාළව ඇතුළත් කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේත් දැනගැනීම පිණිස කරුණාකර එම වගන්තිවල අන්තර්ගතයද පළ කරන්න.
හදිසි නීතියෙන් රට පාලනය කරන්න ගත්තොත් සංචාරක ව්‍යාපාරය නැවත ගොඩනැඟිය නොහැකිය.
බඩ ගින්නට හදිසි නීතියද කන්නෙ ?
මේ කවුරුවත් රට පාලනය කරන්න සුදුසු නැහැ. හොංකොං හිටපු ආණ්ඩුකාර ක්‍රිස් පැටර්න් මහතාට අවුරුදු 20 කට රට පාලනය කිරීමේ කොන්ත්‍රාත්තුව දුන්නොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න අයව හොඳට මට්ටු කරලා, රටත් හොඳට හරිගස්සලා, යහමගට යොමුකරලා දෙයි.
මේ සමගම අදාල වගන්තියත් ප්‍රසිද්ධ කළා නම් හොඳයි.. සාමාන්‍ය අපගේ දැනගැනීම පිණිස..!
ඇයි කව්රුහරි කියනකන් බලන් ඉන්නේ...? තමාම කියවන්නේ නැතිව... ඡන්දෙ දෙනකොටත් කාගෙන් හරි අහලද දුන්නේ?