(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැඟවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසි සම්මත කිරීම සඳහා විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 6 වැනිදා සඳුදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත .

මෙම විවාදය උදේ 10.30 සිට සවස 4.30 දක්වා පැවැත්වීමට නියමිතය.

ලබන 6 වැනිදා රැස්වීම මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වාරය සඳහා මුලින්ම වෙන් කර තිබූ නමුත් එය හදිසියේම අවලංගු කළ බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.