IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


’හදිසි නීතීය අවලංගු කරන්න’

(නිමන්ති රණසිංහ)

රටේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයට පිළිතුර හදිසි නීතිය නොවන බවත් එබැවින් එය වහාම අවලංගු කරන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

රජය විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබීම මෙරට දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට පහසුවක් නොවනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වෙයි.

ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ නිදහස ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන බවත්, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා හදිසි නීතිය භාවිත නොකළ යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම නිවේදනයෙන් දක්වා ඇත.

1959 අංක 8 දරණ පනතින් සහ ජාතික ආරක්ෂක සභාවේ 1978 අංක 06 සහ 1988 අංක 28 දරණ පනත මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබී ය.

 



අදහස් (6)

’හදිසි නීතීය අවලංගු කරන්න’

Nuwan Saturday, 07 May 2022 10:41 AM

පාරේ නටන ජෝගි නවත්තලා පාර්ලිමේන්තුව ඇතුලෙන්ම මේක ගොඩ දාගන්න. රනිල් පමණි. විකල්ප නැත.

:       31       2

DhammikaSaturday, 07 May 2022 11:42 AM

ඔබතුමා මෙච්චර කල් හඳේද ජීවත් වුනේ? නැත්තම් සිහිමද ගතියෙන්ද හිටියේ? එහෙමත් නැත්නම් අද උදේ නැගිටිනකොට ඔලුව ඇඳ විට්ටමේ වැදුණාද?

:       2       14

කිරිපුතා Saturday, 07 May 2022 11:35 AM

ඕනෑම දූෂකයෙක් , හොරෙක් , මිනීමරුවෙක් වෙනුවෙන් පෙනීසිට සත්‍ය වසා මූඛයේ බලයෙන් ඔවුන් නිදහස් කර තම මඩිය තර කරගන්නා අතර දැන් දැන් රට අරාජික කිරීමෙහිලා බඩ බැඳගත් ව්‍යාපාරයක මුලසුනේ හිඳ සුදනන් වෙන්නට දඟළන ඇතැමුන් IMF එකේ සහයෝගය ලබා ගැනීමටනම් රටේ ස්ථාවර බවක් තිබිය යුතුවග නොදන්නේ මගඩි සිත් සතන් භයානක කැත අරමුණු වලින් වැසී ඇති නිසාවෙනි.

:       0       0

sujeewa Saturday, 07 May 2022 12:39 PM

දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය නොකරන සියළුම ඡන්ද ප්‍රමාණය ගත්තද එය රටේ සමස්ථ ඡන්ද හිමි ජනතාවගෙන් අඩක්වත් නැත. කවුරුන් බහුතර ජනතාවක් ගැන නන්දෙඩුවද තවමත් බහුතර ජනතාව මහමග රස්තියාදු නොවී තමාගේ දිවිපැවැත්ම උදෙසා ශ්‍රමය හෙලමින් සිටියි. එක් අතකින් ඔවුන් තම බඩ වියත රැකගන්නා අතරම අනෙක් අතට රටේ ආදායමට යම් පමණකින් හෝ දායක වේ. ඒ බහුතර ජනතාවට මග තොටේ ගමන් කරනු පිණිසත්, තම අවශ්‍යතා ඉටු කර ගනු පිණිසත් කරදරයකින් තොරව පොදු පහසුකම් භාවිතා කළයුතුව ඇත. භාෂණයේ නිදහස හෝ කුමන හෝ නිදහසක් වේවා එය භුක්ති විඳින්නාගේ නාසය අසලින් හා අතේ දුරින් අවසන් විය යුතුයි. කිසිවකුගේ නිදහස තම අදහස් තව කෙනෙකුන් මත බලෙන් පැටවීමට භාවිතා කරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. එබැවින් කිසිඳු දේශපාලන අවශ්‍යතාවයක් නැති අයහට තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීම පිණිසත්, දේශපාලන අවශ්‍යතා ඇති අය හට ඊට අදාල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවලින් විසඳාගැනීමටත් පහසුවනු පිණිස හදිසි නීතිය පැනවීම කාලෝචිත ක්‍රියාවකි. තම තමන්ගේ වෘත්තීන් කුමක් වුවද සියළු මිනිස් සත්වයන් දේශපාලන සත්වයන්මයි. එබැවින් කිසිඳු වෘත්තියක් පරමාදර්ශී නොවේ...

:       5       14

සමන්ත Saturday, 07 May 2022 08:14 PM

ස්තූතියි , ගැඹුරු බුධිමත් අදහසකි .

:       0       0

U.d.s.perera Saturday, 07 May 2022 03:09 PM

හදිසි නීතියක අවශ්‍යතාවයක් ඇති බවක් නොපෙනෙන අතර, බලය පාවිච්චි කිරීමට පියවර ගැනීමක් ලෙස හැඟීමක් තමයි දැනෙන්නේ.

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 634 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1039 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site