IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


හදිසි අනතුරුවලින් වසරකට 12000 ක් මරුට

 

 (නිමල කොඩිතුවක්කු)


හදිසි අනතුරු හේතුවෙන් 10000- ත් 12000 අතර ප්‍රමාණයක් වාර්ෂිකව ජීවිතක්ෂයට පත්වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි.


ශ්‍රී ලංකාව තුල වාර්ෂිකව සිදුවන 145000 පමණ වන සමස්ථ මරණ අතුරින් 8% ක් හදිසි අනතුරු නිසා සිදුවන බවද එම ඒකකය සඳහන් කරයි.


සෑම මසකම දළ වශයෙන් 1000 දෙනෙකුගේ පමණත් දිනපතාම 30 දෙනෙකුගේ පමණත් විවිධ අනතුරු නිසා රටට අහිමි වේ. හදිසි අනතුරු මරණ 7500 ත් -8000 කට අධික ගණනක් සිදුවන්නේ ප්‍රතිකාර සඳහා රෝහල්වෙත යොමු කිරීමටත් පෙර බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.


හදිසි අනතුරු හේතුවෙන් ප්‍රතිකාර සඳහා ශ්‍රී  ලංකාවේ රෝහල්වෙත යොමු කෙරෙන රෝගීන්ගෙන් 2500- ත්  3000 ක් අතර ගණනක් වාර්ෂිකව මියයන  බවත් බෝ නොවන රෝග ඒකකය පවසයි.


ජාතික අනතුරු නිවාරණ සතිය හෙට(7) සිට ලබන 11 වනදා දක්වා පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය මඟින් විශේෂ වැඩපිලිවලක් සකස් කර තිබේ.


ඒ අනුව ජූලි 07 මාර්ග අනතුරු වැළැක්වීමේ දිනයත්, ජූලි 08 - සේවා ස්ථානයන්හි අනතුරු වැළැක්වීමේ දිනයත්, ජූලි 09 -නිවෙස් සහ වැඩිහිටි නිවාස වලදී වන අනතුරු වැළැක්වීමේ දිනයත්, ජූලි 10 - දියේ ගිලීම් වලින් වන අනතුරු වැළැක්වීමේ දිනයත් සහ ජූලි 11 - පාසල්,පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්යිස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනයත් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.



අදහස් (0)

හදිසි අනතුරුවලින් වසරකට 12000 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 231 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 765 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site