(නිමල කොඩිතුවක්කු)
හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවාවන් වලට අදාල වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධ කරගනිමින් දිවයින පුරා සියලුම රෝහල්වල ලබන 08 වැනිදා එක්දින වැඩවර්ජනයක නිරත වන බව හෙද පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තිය සේවාවන්ගේ ඒකාබද්ද බල මණ්ඩළයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවැසීය.
උසස් වීම්, වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් මෙම විරෝධතාවය ක්‍රියාත්මක බවද රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
පුංචි බොරැල්ල පිහිටි රජයේ ඖෂධවේදීන්ගේ සංගම් කාරයාලයේ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
තම ගැටලු සම්බන්ධයෙන් වැටුප් කොමිසම සහ විෂය භාර අමාත්‍යවරයා සම්බන්ධයෙන් සාකච්ඡා කළද කිසිඳු විසදුමක් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වන බව රත්නප්‍රිය මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd