
(උපුල් හේරත් සහ තිසර සමල්)
අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ තරුණ මවක දරුවන් සිවු දෙනකු අනුරාධපුර රෝහලේ දී බිහි කළාය.
මෙම වාසනාවන්ත සිව් නිවුන් දරු උපතට හිමිකම් ලැබුවේ 28 හැවිරිදි අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ කාන්තාවකි. ඇය අනුරාධපුර රෝහලේ හෙදියක ලෙස සේවය කරන්නීය. ඇය පිරිමි දරුවන් දෙකක් සහ ගැහැණු දරුවන් දෙකක් වශයෙන් බිහි කළාය.
ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලේදී මෙම සිව් නිවුන් දරුවන් බිහිකරන්නේ වසර ගණනක් දරුපල ප්‍රමාදව සිටින අතරතුරයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය මව් කුසතුළ සිටින්නේ සිව් නිවුන් දරුවන් බවට හඳුනාගත් මොහොතේ පටන් නිරෝගී දරු උපතක් වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දරා තිබේ.
සිසේරියන් සැත්කමක් මගින් මෙලොව එළිය දුටු මේ දරුවෝ මේ වනවිට නොමේරූ ඒකකයේ ඉතා සුවෙන් පසු වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සුබ පැතුම්.
වියදම් දරාගත හැකි පවුලක් නම් විස්තර පළ කරන්න ස්තූතියි
ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබී දරුවන් සහ මව රැක දෙන්න. බුදු සරණයි...!
ජේසු පිහිටයි.
බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ පිහිටයි.