(නිමල කොඩිතුවක්කු)
රටපුරා පවතින ගෑස්, පාන් පිටි හිඟය සහ විදුලිය කප්පාදුව හේතුවෙන් හෝටල්, ආපන ශාලා සහ බේකරිවලින් සීයට 60 ක පමණ ප්‍රමාණයක් වසා දමා ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමය සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කරයි.
ඇතැම් හෝටල් සහ ආපනශාලා දින ගණන් වසා දමා ඇතැයි ද ඔහු පැවසීය.
මේ හේතුවෙන් තම ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි බැවින් කඩ කුලී සහ සේවක වැටුප් ගෙවීම පවා දුෂ්කර තත්ත්වයට පත්ව ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.
රජය මෙම ගැටළුවට වහා විසඳුමක් නොදුනහොත් හෝටල්, ආපනශාලා සහ බේකරි කර්මාන්තයෙන් තමන්ට සම්පූර්ණයෙන් ඉවත් වීමට සිදුවනු ඇතැයි ද ඔහු පැවසීය.
හෝටල් ආපන ශාලා වසා දැමීමෙන් ආහාර මිලදී ගැනීමට නොමැති වීමෙන් ජනතාව දැඩි දුෂ්කර තත්ත්වයට පත්ව ඇතැයිද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
හෝටල්-ආපන ශාලා-බේකරි සියයට 60 ක් වැහිලා