
(යොහාන් භාසුර)
හිටපු විදුලිබල ඇමතිවරයෙක් රුපියල් ලක්ෂ 56 ක සහ තමත් හිටපු අමාත්‍යවරයෙක් රුපියල් ලක්‍ෂ 23ක් ලෙස මේ වන විට මරණයට පත්ව ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි ගණනක විදුලි ගාස්තු ගෙවීම් පැහැර හැර ඇති බව ලංකා විදුලිබල මණ්ඩල එක්සත් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා අද (20) පැවසීය.
මියගිය සහ හිටපු අමාත්‍යවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 82 ක් විදුලි ගාස්තු රුපියල් කෝටි ගණනක් ගෙවා නොතිබුණ ද එම නිවෙස්වල විදුලිය විසන්ධි නොකරන විදුලිබල මණ්ඩල බලධාරීන් ආර්ථික දුෂ්කරතා ඇති ජනතාවගේ සුළු විදුලි ගාස්තුවක් නොගෙවූ විට විදුලිය විසන්ධි කරන බව කී ජයලාල් මහතා සියලු දෙනාට එකම නීතිය ක්‍රියාත්මක කිරීමට ජනතාව ඉදිරියට පැමිණිය යුතු බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං ඒ පාඩුව අපිද ගෙවන්න ඕනේ. මේක පුදුම ලෝකයක්
නුසුදුසු පුද්ගලයින්ව බලයට පත්කරගත්තම ඔහොම තමයි.
ඇත්තටම මෙ ආත්ම ගෞරවයක් නැති පාදඩයො රැලක් නෙමෙයි ද? දැන් කී දවසක් මුන්ගෙ හිඟ විදුලි බිල් සහ ජල බිල් ගැන පුවත් පල වුනාද? උන්ට කිසිම ගානකුත් නෑ මදිවට අර කෙහෙලිය ලොකු පුරසරම් කතාත් කිය කියා රෙදිත් ඇදගෙන ඉන්න ලස්සන? ඔයාල ආයෙමත් චන්‌දෙ දෙන්න යන්නෙත් මුන්ටමද ??
ඉදිරියට ඔබ බදු වශයෙන් ගෙවන්නෙත්, වැඩි කළ විදුලි බිල් වශයෙන් ගෙවන්නෙත් මේ පරපෝෂිතයන් සාමූහිකව තට්ටු මාරුවට කළ ආර්ථික විනාශයටයි.
මෙහෙම රට බංකොලොත් නොවී තිබෙවියැ. කලින් මහත්මයෙක් සදහන් කර තිබුන පරිදි නුසුදුස්සන් බලයට ඒ්ම නිසා තමා මෙව නිවැරඩි කර්න්න බැරි ඉදිරි මැතිවරන වලදිවත් බුද්ධිය යොදා ගනිමු.
ජනාධිපතිතුමා රිජුවම මැදිහත්වෙලා මෙම ප්‍රශ්නය රටවැසියාට බරක් නොවන ලෙස විසදිය යුතුයි.
එක්කෙනෙක් උඩරට පැත්තෙද?
ගෙවන්නෙ නැත්නම් දෙන දීමනාවලින් අඩුකරගන්න.
මේ මැතිඇමතිවරුන්ගේ නම් හෙළිකරන්න .එතකොට චන්ද දායකයින්ට පුළුවන් මේ අය නැවත පත්නොකරන්න .ඉස්සර මට මතකයි සමහර වාමාංශික දේශපාලකයින් කියන සමහර කොළඹ ලොකු මහත්වරු චන්ද කාලෙට පමණක් ගම්වලට ගිහින් ගම්වලින් චන්දේ ඉල්ලනවා කියලා.ඒක රජයටත් ජනතාවටත් වාසිදායකයි .ඒ අයගේ කොළඹ ගෙවල්වල අය පදිංචි වී සිටියා.දැන් තියෙන්නේ ගමේ අය ගමේ මන්ත්‍රීවරු වෙලා කොළඹ රජයේ නිලනිවාස වල පදිංචියට යනවා ලයිට් බිල් වතුර බිල් ගෙවන්නේ නැහැ බිල් ගෙවීම ජනතාවට භාරයි