(ඉන්දිකා රාමනායක)
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාදයේ යෙදුණ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය හිටපු මහාධිකරණ විනිසුරු ( විශ්‍රාමික) පද්මිණි රණවක ගුණතිලක මහත්මියගෙන් අද (20) පැය හතරකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තේය.
අද පස්වරු 1.00 කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි ඒ මහත්මිය පස්වරු 5.30 ට ඉන් පිටව ගියාය.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් මිනිසුන් තම පුද්ගලික වාසිය ගැන හිතලා කොහෙවත් යන රන්ජා වගේ අය සමග ගනුදෙනු කිරීම ඉතාමත්ම අවාසනාවකි. සුනාමියට ගසාගෙන ගියාසේ අපට නමේ පෙනෙන්නේ...
මේවගෙන් පේන්නේ අධිකරනය සහ නීති පද්ධතියම ලෝකයේ තියෙන දූසිතම කොටසක් බවයි. මේ අධිකරණ විසිරුවා හැර නව අධිකරන පද්ධතියක නිර්මාණය කර දෙන ලෙස අප ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.....
රන්ජා කියනවා වගේ මෙතන තියන ගැටළුව නම් රන්ජගේ කතාවල මුල ටික අග නෑ. සමහර ඒවගේ අග නෑ මුල තියනවා සමහර ඒවා හදලා. ගරු අධිකරණය වැදගත් තීන්දු තිබු අයව හොය හොයා පලි ගැනීමට ලක් කිරීමක්.
ශාක්ෂි එළිපිට තිබෙද්දී මොනවද මේ කරන්නේ.
සුදුස්සාට සුදුසු තැන නොලැබීම නිසා පොඩි මිනිහෙක් ලවා හරි වැඩක් කරගන්න පෙළඹිලා. දැන් ඒකේ විපාක විදින්න වෙලා තියෙන්නේ එතුමියටමයි. අපේ රටේ මේ දුෂිත පාලන ක්‍රමය හැම තැනම තමන්ට තැනක් ගන්න ලොක්කන්ට ගොට්ට අල්ලන්න වෙලා. ඒ ලොක්කත් එතෙන්ට සුදුස්සෙක් නෙමේ ඒකයි ප්‍රශ්නේ.
හරිම අප්‍රසන්නයි. ආයෙත් පරණ සෙල්ලම පටන් අරන් වගේ. මමත් ඔය හඬපටය ඇහුවා. එතුමිය කිව්වේ උසස්වීම් දෙන සහ ලැබෙන ක්‍රමවේදයේ තියෙන දෝස එහෙම එතුමිය කිව්වා කියල ඔච්චර ප්‍රශ්න කරන්න ඕනෙද ? ඕක නොවේ ඇත්ත. රන්ජන් කියන්න ඕන දෙය කෙළින් කිව්වා. කුඩු, මිනීමැරුම්, අපරාධ හොර අවි මේ සේරම ඇත්ත......ඔහු කළේ සමාජ සත්කාරයක් ඔහු පෙනී හිටියා ස්ත්‍රී දුෂකයන්ගෙන් අසරණ වෙන දුප්පත් මිනිස්සු වෙනුවෙන්.ඔහුගේ යම් යම් අඩුපාඩු තියෙන එක ඇත්ත. නමුත් ඔහු විතරයි ඔය පක්ෂයේ කොන්ද කෙලින් තියාගෙ හොරට හොරා මිනීමරුවාට, කුඩුකාරයට, හොර ජාවාරම්කාරයට කෙළින්ම ඇඟිල්ල දික් කරපු කෙනා.
අප්‍රිය දේශපාලන නිසා ශිරාණි බණ්ඩාරනායක වගේම අගතියට පත් තවත් උගත් කාන්තාවක්, රන්ජන් මෙහෙම නම් අනිත් අය කොහොමට කරන්න ඇතිද ?
මේවගේ අය දේශපාලකයන් එක්ක ඩීල් දාපුව දැන් එලියට එන්නේ. තැනගේ රාජකාරිය හරියට කලානම් ඔය එක දේශපාලකයෙක්ටවත් නටන්න ලැබෙන්නේ නැහැ. කීදෙනෙක් අහිංසක මිනිස්සු හිරේ දලා ඇතිද ?
ආ මෙයාද මේ...
මම විදේශීය රටවල් කිහිපයක වැඩකළ වසර 18 ක්, මම දැකපු පලවෙනි රට 8 පාස් දේශ පාලුවන් පසුපස ගිහින් ප්‍රමෝෂන් ලබාගැනීමට ලිංගික අල්ලස් වලට යටවෙන විනිසුරුවන් සිටින ලංකාව, මේ විනිසුරුවන් ගෙන් මොන සාදාරන අධිකරණ තීන්දුවක් ලබගැනිමට හැකියාවක් තිබෙනවද ?
රනිල්ගෙන් ප්‍රශ්න කරන්නේ නැද්ද මහිදානන්දට වෙඩි තියන්න හදපු එකට ? අන්තිමට හිටපු සහ ඉන්න නිලධාරීන්ට විතරයි වගේ නීතිය ක්‍රියාත්මක කරන්නේ. මහින්දත් ලස්සනට නීතිය නවනවනේ. රටකට ගිය කලක්..
මේවට තමා කියන්නේ කඩේ යනවා කියලා.
රටේ නිතිය පිලිබඳ මහජනතාව තුල දැඩි කල කිරිමක් මේ නිසා ඇති විය හැක. නමුත් මෙතුමිය සහ රාමනායක අතර ඇති වු කතාබහ මුල් කරගෙන වෙනත් අරමුණක් ඉටු කරගැනීමට අවශ්‍ය ජනමතය ගොඩ නැගෙමින් ඇත. ප්‍රශ්නය ඇත්තේ ඒ සඳහා මෙතුමිය ගොදුරක් කර ගැනීමයි. දේශපාලනයේ සහ මාධ්‍යයේ තිබෙන බිහිසුනු බව ඉතාම සංකිර්ණය. මාධ්‍යයේන් මඩ ගසන්නේ කාටද රටේ ජනතාව ද එතැනය!!! (ඉහත කොමේන්ට් වලින් එය පැහැදිලි වේ). රටේ පවතින දේශපාලනයට රටේ ජනතාව පමණක් නොව එම පාදඩකම නිර්මාණය කරපු දේශපාලකයා සහ මාධ්‍ය ද ගොදුරු වෙමින් ඇත.
වැදගත් පෙනුම තිබුනට වැඩක් නැහැ.
පත්මිණි රණවක මහත්මිය කොහෙදිවත් කියල නැහැ ඇය දීපු තීන්දුව රජයට පක්ෂපාතීව දුන්න කියලා. ඇය රන්ජන්ට කියන්නේ ඒ නඩුවේ තීන්දුව දුන්නේ ඇය කියලා විතරයි. අපේ රටේ විනිශ්චයකාරවරු හැමදාම දේශපාලුවෝ ඉස්සරහ නැවෙනවා තමන්ගේ උසස්වීම්, තානාන්තර හදාගන්න. මේ පිළිවෙල හින්දා එහෙම කරන්න වෙලා තියෙනවා. ඒක තමා අපේ රටේ නීතිය සම්බන්ධ තිත්ත ඇත්ත. ඒක එදත්, අදත් සිද්ධවෙනවා. ඒකට රන්ජන්ට විතරක් කරන්න දෙයක් නැහැ. මේ වෙලාවේ දේශපාලුවෝ සහ අධිකරණය හදන්නේ රන්ජන්ගේ වැරැද්ද පෙන්නා දෙමින් ඔවුන්ගේ නිරුවත මහජනතාවගෙන් වසන් කරගැනීමට තැත් කිරීමයි. මෙය අපි තේරුම් ගෙන මහජනතාව ලෙසේ මේ ක්‍රමයට එකට විරුද්ධව නැගී සිටිය යුතුයි . එසේ නැතිව අප කළ යුත්තේ දුමින්දව බේරා ගැනීමට උදව් කිරීම නොවේ.
ඔන්න උසාවිය ගාව පෝස්ටර් ගහලා තිබෙනවා "මිනීමරු විනිසුරු අත්අඩංගුවට ගන්න" කියලා
රන්ජන් රාමනායක මහතා සහ තමන් අතර සිදුවී ඇති බවට සැලකෙන දුරකථන සංවාද තමාගේම ජංගම දුරකථනයෙන් ලබාගත් දුරකථන ඇමතුම් බවද පද්මිණී රණවක මහත්මිය එහිදී පිළිගෙන තිබේ.ලු කාල වරෙන්කෝ..... පටි රෝල්.