
(සුජිත් හේවාජුලිගේ සහ නිමල කොඩිතුවක්කු )
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.
හිටපු මැති ඇමතිවරුන් මෙපමණ විශාල සංඛ්‍යාවක් එකවර පරාජයට පත් වූ පළමු අවස්ථාව මෙය බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
මහින්ද අමරවීර, අජිත් රාජපක්ෂ, නිපුණ රණවක, කාංචන විජේසේකර,මනූෂ නානායක්කාර වෛද්‍ය රමේෂ් පතිරණ, සම්පත් අතුකෝරල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම් චන්ද්‍රසේන, සෂීන්ද්‍ර රාජපක්ෂ,රොෂාන් රණසිංහ, දිලුම් අමුණුගම ,ජානක වක්කුඹුර, විදුර වික්‍රමනායක, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, මදුර විතානගේ, ප්‍රේමනාත් සී දොළොවත්ත, ජගත් කුමාර සුමිත්‍රආරච්චි, පියල් නිශාන්ත, ආචාර්ය චන්න ජයසුමන,දුමින්ද දිසානායක, වීරසුමන වීරසිංහ, සංජීව එදිරිමාන්න, හරීන් ප්‍රනාන්දු, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, ඩී.බී හේරත්, චරිත හේරත්, සිසිර ජයකොඩි,, අනූප පැස්කුවල්, ඩිලාන් පෙරේරා, රංජිත් සියඹලාපිටිය, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, බන්දුලාල් බණ්ඩාරිගොඩ, චන්දිම වීරක්කොඩි, ඩී.වීරසිංහ,අනුර ප්‍රිය දර්ශන යාපා, අසංක නවරත්න, ශාන්ත බණ්ඩාර, මංජුලා දිසානායක, රුවන් විජයවර්ධන, නිමල් ලාන්සා, අශෝක ප්‍රියන්ත, චින්තක මායාදුන්නේ,ලසන්ත අලගියවන්න, වසන්ත යාපා බණ්ඩාර, තිස්ස අත්තනායක, අර්ල් ගුණසේකර,, රන්ජන් රාමනායක, වඩිවෙල් සුරේෂ්, නලින් ප්‍රනාන්දු, උපුල් මහේන්ද්‍ර, මිලාන් ජයතිලක, සරත් වීරසේකර, සුසිල් ප්‍රේමජයන්ත, ඉසුරු දොඩංගොඩ, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ප්‍රේමලාල් ජයසේකර, චන්ද්‍රසිරි මුතු කුමාරණ, රාජිකා වික්‍රමසිංහ, තාරක බාලසූරිය, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, මුදිතා පියදර්ශනී සොයිසා, ජගත් ප්‍රියංකර, සුමිත් උඩුකුඹුර, අරුන්දික ප්‍රනාන්දු, විජිත බේරුගොඩ,රාජිත සේනාරත්න, සිවනේශතුරේ චන්ද්‍රකාන්තන්, නිමල් සිරිපාල ද සිල්වා, බුද්ධික පතිරණ, එරාන් වික්‍රමරත්න, මනෝ ගනේෂන් සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අශෝක අබේසිංහ, තුෂාර ඉඳුනිල් අමරසේන, ලලිත් එල්ලාවල, ලලිත් වර්ණ කුමාර, විජිතමුණි සොයිසා, නියෝමාල් පෙරේරා, පියසේන ගමගේ, වසන්ත සේනානායක, සහ ජයරත්න හේරත් කපිල අතු කෝරල, එම්. ඒ සුමන්තිරන්, ඩග්ලස් දේවානන්ද, වේලුකුමාර් එම හිටපු මැති ඇමතිවරු වෙති.
මෙයට අමතරව මහ මැතිවරණයට ඉදිරිපත් වූ සර්ව ජන බලය නායක ව්‍යවසායක දිලිත් ජයවීර, එම පක්ෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට තරග වැදුණු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරඟ වැදුණු හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් හිටපු රාජ්‍ය අමාත්‍ය අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි පෙරේරා යන මහත්ම මහත්මීහුද මහ මැතිවරණයෙන් පරාජයට පත් වූහ.
මේ අතර හිටපු මැති ඇමති අසූවකට වැඩි පිරිසක් ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ හේතු මත මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වීමෙන් වැළකී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පැතූ වෙනස මේකයි පෞද්ගලිකව කිසිම තරහක් නොමැත. නමුත් රටට කල විනාශය සුළුපටු නොවේ. මේ අය අතර පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනාපු. මිනීමැරුම් චෝදනා ඇති, ලංකාවට කුඩු ගෙනාපු, මහා පරිමාණ එතනෝල් ගෙනාපු, මහනුවර - දිගන ප්‍රදේශයේ ජාතිවාදී කෝලාහල ඇතිකිරීමට මුලික වුනු ය, කප්පම් ගත්තු, පස් කපා පරිසරය විනාශ කරපු, රටේ ගොවීන් අනාථ කරපු වගේ තවත් බොහෝ චෝදනා ඇති දුෂිත දේශපාලකයින් මේ ලැයිස්තුවේ ඉන්නවා, නමුත් ඉතාමත් ස්වල්පයක් නැවත පාර්ලිමේන්තුවට වරම් ලැබ තිබෙනවා. අවාසනාවකට මෙන්, කේසී හෝ ඔවුන් ගෙදර යවල මදි ඉදිරියේදී ඔවුන්ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක විය යුතුය්, හොරු දුෂිතයින් එලවා දමන්න කටයුතු කල සියළුම ලාංකික ජනතාවට ප්‍රණාමය පුද කරමි.
අවාසකාවට තව කිප දෙනෙක් ඉන්නවා හලන්න බැරි වුන
වෙද, ගුරැ, ගොවි, කම්කරැ මතින් බිහිවුනු සැබෑ නිදහස් නිවහල් ශ්‍රී ලංකා ප්‍රඡාත්‍රාන්ත්‍රක සමාඡවාදී ඡනරඡය පෙරදින රාත්‍රි එසේ බිහිවිය. “අලසකම” නැමැති එකම පොදුසතුරා තුරන්කර ඉතාමත් සෞභාග්‍ය රටක් ගොඩනැගීමට පෙලගැසෙව්
ඉතාම සන්තෝසයි... ඒ වගේම දෙයක් කිවයුතුයි. අලුතින් පත්වුණු මන්ත්‍රීවරුන්ට සුර සැප පිළිබඳව සිතිවිලි දල්ලෙන්ම කඩලා දැම්මොත් හොඳයි.
ගෙදර නොව බහුතරය හිරගෙදර යා යුතුයි... මත්ද්‍රව්‍ය රත්තරන් මිනීමැරුම් රාජ්‍ය දේපල අවභාවිතය රක්ෂිත ඉඩම් අල්ලාගැනීම වනාන්තර විනාශය හොර වාහන එකලස් කිරීම... තව මොන කතාද...?
මින් මතුවටවත් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද මෙම ඇම්බැට්ටයින්ගෙන් මාධ්‍ය ප්‍රකාශ ගැනීම හෝ මයික් කැමරා ඇටවීම වහා නතර කළ යුතුයි. ජනතා ප්‍රතික්ෂේපයේ අන්ත පරාජයෙන් වියරු වී සිටින මොවුන් රට හරි මගට ගැනීම වැළැක්වීමට නොකරන දෙයක් නැත...
ගෙම්බෝ ගෙදර යවලා නේද?