
(එම්.සුසිල් පියන්ත)
මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙම නිවස සොරුන් බිද ඇත්තේ තෙවැනි වරට බවද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ පෝරඹ නිවසේ මේ දින කිහිපයේම මහින්ද දේශප්‍රිය මහතා නොසිටි බවත් ඊයේ(23) දහවල් ඔහු නිවසට පැමිණි අවස්ථාවේදී සිය නිවස බිද ඇති බව දැක ඒ බව තමන්ට දැනුම්දුන් බවද පොලීසිය කියයි.
මේ නිවසේ ඉදිරිපස දොර කඩා නිවසට ඇතුලුවී ඇති සොරුන් නිවසේ තිබූ වර්ණ රූපවාහිනිය ,ගෑස් සිලින්ඩරය ඇතුලු ගෘහ භාණ්ඩ රැසක් සොරකම් කොට ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණයවූ බවද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණය කරයි.
අම්බලන්ගොඩ පොලීසියේ සහ ඇල්පිටිය සොකෝ අංශයේ නිලධාරීන් දේශපිය මහතාගේ නිවස බින්ද සොරුන් අල්ලා ගැනීම සදහා පරීක්ෂණ පටන්ගත් ආකාරයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට ගෙදර ආරක්ෂා කරනවට වැඩිය කොච්චර වැඩ තියනවාද?
එහෙම හොරකම් කරන්න කොහොම හම්බ කරලා ඇතිද?
අයියා මලෝ දෙන්නා එකතුවෙලා රට පාවාදුන්නා. මොකද ඔක්කොම අය ඕක දන්නේ නැද්ද? ඒක නිසා ඕවා එයාලාට ගාණක් නෑ. හොයාගනී ඕවා...
ගෙදර ආරස්සා කොරගන්න බැරුව කොහොමද දෙයියනේ රට ආරස්සා කොරන හැටි අනුන්ට කියල දෙන්නේ ?