
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අයත් නීති විරෝධී ලෙස කොටස් මෙරටට ආනයනය කර එකලස් කර ඇති බවට සැකකරන ඉසුසු වර්ගයේ ලොරියක් සිය භාරයට ගත් බව වලාන මධ්‍යම දුෂණ වර්ධන ප්‍රහාරක බලකාය කියයි
හපුතලේ මුතුවානාවත්ත ප්‍රදේශයේ තිබියදී එය බාරයට ගෙන ඇත.
මෝටර් රථ කොමසාරිස්වරයාගේ නිසි අවසරයකින් තොරව එකලස් කර ඇති බවට සැකකරන එම ලොරි රථය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේදී එහි ස්විච්චයතුර නොතිබී ඇති අතර ඒ හේතුවෙන් ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් යෙදවූ බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය .
එම සුවිච්ච යතුර ලැබීමෙන් අනතුරුව ලොරි රථය ඊයේ (8) පොලිස් භාරයට ගනු ලැබූ බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොරි මූණු මාරු කරන එක හැමෝම වගේ කරනවා, මේවා චැසි එක හය්ය වුනාට බොඩි එක බර වැඩ කරලා ඉක්මනට ලදරන් වෙනවා, ඉතින් අලුත් ලොරි බොඩි ඕන තරම් වෙළෙඳපොලේ තියෙනවා, එකක් අරන් මාරු කරන එක හැම පරණ ට්‍රක් අයිතිකාරයෙක්ම කරන වැඩක්. ඔකේ මහා විසාල වංචාවක් නැහැ, එත් එවැනි වෙනස්කම් කරලා මෝටර් රත කොමසාරිස්ට පෙන්වල අනුමැතිය ගන්න ඕන.
වහාම නිදහස් කරන්න. රට ගොඩනගන්න, දෑත් ශක්තිමත් කරන්න, ජාතිය ආගම බේරගන්න ඔය ගෙනැල්ලා තියෙන්නේ. නැතුව වංචාවකට නෙවේ. ඕනෑම නම් ඔය පොඩි අමතකවීමක් වෙලා ඇති...!
ඔයාගෙ ලොරි මූණත් මාරු කරපු එකක්ද?
ලොකු එවුන් වි8 පොඩි එවුන් ලොරි
මුතුවාන වත්ත නම් අප්පච්චි මැරුණා කිව්ව එක්කෙනාද?
ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිට නමක් නැද්ද?