(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස හිටපු නාවික හමුදාපතිවරයෙක් වන රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා පත්කර ඇති බව වාර්තා වේ.

රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අද (14) එම තනතුරේ වැඩ භාරගැනීමට නියමිතව තිබුණි.

යහපාලන ආණ්ඩු සමයේ 2016 වසරේ හම්බන්තොට වරාය සේවකයන් පැවැත්වූ විරෝධතාවකදී මාධ්‍යවේදියකු පහරදීමේ සිද්ධියක් හේතුවෙන් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා දැඩි කථාබහට ලක්වූහ.

හිටපු කළමනාකාර අධ්‍යක්‍ෂ සුසන්ත සිල්වා මහතාගේ සේවය ලිපියක් මගින් අත්හිටුවා නව පත්කිරීම කර ඇති බව එම සංස්ථාවේ වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.