
(අජිත්ලාල් ශාන්තඋදය)
එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රීවරයෙකු සහ මෙවර මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයට ශ්‍රීලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කරන ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුලු විත්තිකරුවන් තිදෙනෙකු මිනීමැරීමේ චෝදනාවට වරදකරු කළ පූර්වගාමී රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයසූරිය මහතා ඔවුන්ට අද (31) මරණ දණ්ඩනය නියම කළේය.
සබරගමු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අරුණ නිලන්ත ජයකොඩි, කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මානික්ක වඩුගේ වජිර දර්ශන ද සිල්වා සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන්ට මෙසේ මරණ දඬුවම් නියම විය.
රත්නපුර අංක දෙක මහාධිකරණයේදී මෙම දඬුවම ලබාදීම සිදුවිය. පෙරවරුවේ අධිකරණයේ සාමාන්‍ය නඩු විමසීමෙන් අනතුරුව මෙම නඩුවේ තින්දුව දිම සඳහා නඩුව කැඳවනු ලැබීය. අධිකරණය ඉදිරිපිට මාර්ගයේ විශාල පිරිසක් තීන්දුව දැන ගැනීම සඳහා රැස්ව සිටියේය. පොලීසිය විශේෂ ආරක්‍ෂාවද යොදා තිබුණි. සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් අධිකරණ භූමියට මහජනයා ඇතුලු කරනු ලැබීය.
පසුවරු 01.00ට මෙම නඩුව කැඳවනු ලැබීය. විත්තිකරුවන් තිදෙනාම අධිකරණය හමුවේ පෙනී සිටියහ.
එහිදී තින්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා පැවසුවේ විත්තිකරුවන් තිදෙනාට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවයි. ඒ නිසා විත්තිකරුවන් තිදෙනාට මරණ දණ්ඩනය නියම කරන බවද පැවසුවේය.
ඊට අමතරව ඝාතනයට ලක්වු දොඩංගොඩගේ සුනිල් පෙරේරා නොහොත් ශාන්ත දොඩම්ගොඩ යන අයගේ ඥාතින්ට රුපියල් ලක්‍ෂ දෙක බැගින් ලක්‍ෂ හයක වන්දියක් ගෙවන ලෙසත්, සිද්ධියේදි තුවාල ලැබූ වීරසිංහගේ කරුණාදාස වීරසිංහ සහ මොහොමඞ් ඉල්පාම් දෙදෙනාට එක් අයෙකු විසින් රුපියල් ලක්‍ෂය බැගින් ලක්‍ෂ තුනක වන්දි ගෙවන ලෙසද නියම කරනු ලැබීය.
මෙම වන්දි නොගෙවන්නේ නෙම් තවත් මාස 24 බැගින් වූ බරපතල සිරදඬුවම් ද නියම කරන බව විනිසුරුවරයා දැනුම් දුන්නේය.
රත්නපුර මහාධිකරණ බලසීමාවට අයත් කහවත්ත නගරයේදී වර්ෂ 2015 ජනවාරි 05 දින හෝ ඊට ආසන්න දිනයකදී ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙක්ව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාට ආධාර පිණිස පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමක සැරසිලි කඩා දැමීම සහ තුවාල සිදුකිරීමේ අරමුණු කරගෙන නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිටිමින් එම ක්‍රියා කලාපයේදීම වීරසිංහගේ කරුණාදාස වීරසිංහ සහ මොහොමඞ් ඉල්පාම් යන අයට වෙඩිතබා තුවාල සිදුකර මිනීමැරීමට තැත්කිරීම, බියවැද්දීම, එකී ක්‍රියාකලාපයේදීම දොඩංගොඩගේ සුනිල් පෙරේරා නොහොත් ශාන්ත දොඩම්ගොඩ යන අයගේ මරණය සිදුකිරීම යන චෝදනා ඇතුලුව අධි චෝදනා නවයක් විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් 2016 සැප්තැම්බර් 13දින අධිචෝදනා ගොනුකරනු ලැබීය.
රත්නපුර මහාධිකරණ විනිසුරු යූ.එච්.බී.කරලියැද්ද මහතා හමුවේ අධි චෝදනා බාරදුන් අවස්ථාවේ විත්තිකරුවන් සියලු දෙනාම නිවැරදිකරුවන් බව කියා සිටියේ ය.
ඉන් පසුව 2017 වර්ෂයේ පූර්වගාමී රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයසූරිය මහතා හමුවේ මෙම නඩුවේ සාක්කි විභාගයට ආරම්භ විය. වසර දෙකක කාලයක් මූලික සාක්කි විමසීමකින් පසු එම විත්තිකරුවන් අතරින් පැලවත්තගේ පැතුම් ධනංජය නොහොත් පැලා, උඩහදා සීලගේ අසංක නාමල් නොහොත් සාජන්ටූ, උක්කන්දගේ තිලංක ප්‍රදීප්, ඌරුපැලැව්වේ ගමඇතිරාළලාගේ අජිත් මලවි ගුණරත්න නොහොත් මලවි යන සිව් දෙනා නිදොස් කොට නිදහස් කරනු ලැබීය. ඉන් අනතුරුව මෙම විත්තිකරුවන් තිදෙනාට පමණක් එරෙහිව නඩු විභාගය පැවැත්විණි.
විත්තිකරුවන්ට විරුද්ධව සාක්කි පනස් නවයක් සහ නඩු භාණ්ඩ 16ක් පැමිණිල්ල විසින් නම් කර තිබුණි. එසේම 1995 අංක 14 දරණ සාක්කි විධිවිධාන පනතේ 7(1) වගන්තිය අනුව මෙම විමර්ශන වලදී විත්තිකරුවන් හත් දෙනාට එරෙහිව යොදාගත්, සිද්ධිය වූ ස්ථානය අවට පිහිටි වෙළඳසැල් තුනකින් සිද්ධිය වු දින අලුයම 01.00ත් 01.30 අතර කාලයේ දර්ශන ඇතුළත්ව ලබාගත් සීසීටීවී කැමරා තුනක දර්ශන ඇති ප්‍රතිඋත්පාදන තැටි සහ ඩයලොග් සහ මොබිටෙල් ජංගම දුරකතන වාර්තා ද නඩුවේ පැමිණිල්ලේ සාක්කි ලෙස නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය.
මෙසේ අධිචෝදනා ලබා තිබුණේ සබරගමු පළාත් සභාවේ වත්මන් මන්ත්‍රී අරුණ නිලන්ත ජයසිංහ, කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මානික්ක වඩුගේ වජිර දර්ශන ද සිල්වා, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී හල්කඳලිය ලේකම්ලාගේ ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී, පැලවත්තගේ පැතුම් ධනංජය නොහොත් පැලා, උඩහදා සීලගේ අසංක නාමල් නොහොත් සාජන්ටූ, උක්කන්දගේ තිලංක ප්‍රදීප්, ඌරුපැලැව්වේ ගමඇතිරාළලාගේ අජිත් මලවි ගුණරත්න නොහොත් මලවි යන හත්දෙනාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ අයට ඡන්දය දෙන මිනිස්සුන්ට නෙවේ... මේවගේ අයට නාමයෝජනා දෙන අයටයි තලන්න ඕනෑ. කතාව ඇත්ත කියලා හිතෙන්නේ මේවා දැක්කාම තමයි.
පේනවා නේද ඔය පොදුජන පෙරමුණේ ඉන්න උදවියේ පැටිකිරිය...? හැබැයි ඉතින් මේ පාර තුනෙන් දෙක ගත්තට පස්සේ සමාවක් දීලා එළියට ගන්නට පුළුවන්නේ...
අපේ ජනාධිපතිතුමා ඕවාට සමාව දීලා චොකා මල්ලිව නිදහස් කරයි. එතුමා සිරිසේන මහතාත් පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්න ඡන්දෙ දුන්නේ...
වැඩක් නැහැ ඕකා ඡන්දෙත් දිනලා පාර්ලිමේන්තුත් යනවා. නඩුව ඇපීල් කරනවා ඇප ගන්නවා. තව අවුරුදු 5ක්, 6ක් නඩුව අහනවා. එතකන් පාර්ලිමේන්තු යනවා..
පොහොට්ටු ලැයිස්තුවම අවලංගු වෙනවා නේද? දඬුවම් ලැබූ කෙනෙක් ඉන්න නිසා. පවිත්‍රාත් ගෙදර...!
හොඳ නඩු තීන්දුවක්ඳ? හොඳ වෙලාවට නඩුවේ 99%ක් අහලා තිබුණේ, නැත්තන් ඉතින් යුක්ති සහගත ජනතාවට කොකා තමයි...
අවසානයේ කිසිවක් සිදුනොවනු ඇත. මෙම නඩුව සඳහා අභියාචනයක් ඉදිරිපත් කරාවි. නාමයෝජනා ඉදිරිපත් කරන විට මරණ දඬුවම දී නොමැති බැවින් අනිත් අයට ප්‍රශ්නයක් නොවනු ඇත. මේ නඩුව සඳහා සාධාරණයක් බලාපොරොත්තු වූ අයට තාවකාලික සැනසීමක් පමණක් ලැබේවි.
ලංකාවේ හරියට වැඩක් කරන්නේ අධිකරණය විතරයි. හැබැයි කාලයක් ඒකටත් ඇඟිලි ගැහුවා...
මෙවන් අයට උපරිම දඬුවම් ලබාදීම පිළිබඳව අප ගරු අධිකරණයට අපගේ ආචාරය පුද කරන්නෙමු.. "වැරදි කරන්නන්ට උපරිම දඬුවම් දිය යුතුමයි.. " උන්ගේ " පාට කොළද, නිල්ද, රතුද කිසිදු අදාලත්වයක් නොමැත. එලෙසම අප සියලුම ලාංකිකයන් බල්ලන්ට බල්ලන් ලෙස ආමන්ත්‍රණය කිරීමට පෙළ ගැසෙමු. කිසිවිට තිරිසනුන්ට එතුමා.. මෙතුමා තුමිය, අර තුමිය... අර සර්, මේ සර් නොකියමු. නැවත වරක් අප මෙයද සියලුම ලාංකිකයින්ට මතක් කිරීමට කැමැත්තෙමු. කුඩුකාරයින්ට කසිප්පුකාරයින්ට, පල් හොරුන්ට, දුෂිතයින්ට, වනචරයින්ට තුමා, තුමිය කියමින් වන්දනාමාන කරන ලෝකයේ තිබෙන "එකම එක රට අප රටවීම" ඉතාමත්ම කණගාටුදායකයි.
ඔබට අපේ ආචාරය චොකා මල්ලි. යලිත් කොතැනක හෝ අපි හමුවෙමු.
චොකාමල්ලි කොකා පෙන්නයිද?
ඕවා පිපෙන්න තිබුණු පොහොට්ටු...
මේකත් එක නාටකයක් විතරයි. දැක්කනේ කලින් පාර දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව... ඊට පස්සේ අභියාචනයක් ඉදිරිපත් කරලා කියයි තාක්ෂණික දෝෂයක් නිසා නැවත සලකා බලනවා කියලා. මේ අය හිතන් ඉන්නේ, රටේ ජනතාව ගොබ්බයො කියලා.
ඔය පළාතේම හිටපු අර "අත කොටා" දැන් කෝ?
රැස්වීම් මෛත්‍රීපාලගේ... මැරුණේ කොහේදවත් යන කෙනෙක්... මේ අය දැන් යන්නේ හිරේ... මෛත්‍රී ජනාධිපති වෙලා පෙන්ෂන් හම්බවෙනවා. ආයෙ දැන් ආප්පේ අමතක කරලා ඡන්දෙ ඉල්ලනවා. කවුද දිනුම්...?
මේ නරුම මිනීමරුවන්ට මරණ දණ්ඩනය දුන්නත් වැඩක් නැහැ.. මේ මිනීමරුවෝ ටික මහින්දලා බලයට පත්වුනොත් නිදහස් කරනවා. ඉස්සර කලෙත් ඔය වැඩේමනේ. අනෙක් කාරණය තමයි මේ වගේ තීන්දුවක් මහාධිකරණයෙන් ලැබුණාට "ෆයිනල් ජජ්මන්ට්" එක එය නොවන බව මේ මිනීමරු දේශපාලුවන් දන්නවා. දැන් මේ සමාජ විරෝධි මිනීමරුවන්ව රක්ෂිත බන්ධනාගාරයට ගෙනියයි.. ඊට පස්සේ මේ තීන්දුව අභියෝගයට ලක්කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට අයදුම්පතක් ඉදිරිපත් කරාවි. පස්සේ ඇප පිට එළියට එයි. අන්න එතැනදියි.. මරණ දඬුවම දෙන්න ඕනෑ. නන්නාඳුනන තුවක්කුකරු ඔබ කොහෙද...? මෙන්න ඔබට අවශ්‍ය කට්ටිය. ඔබ ඔබේ රාජකාරිය කරන්න. කඩදාසි කැබැල්ලක ලියලා ඇති නීතියට අනුව වැරදි වුණත්.. මනුෂ්‍ය සංහතියේ ප්‍රගමනය වෙනුවෙන් නීතියක් නැති රටක.. නීතිය බාල්දු කළ පාලකයින් සිටින රටක.. තීන්දු තීරණ ගැනීමේ අයිතිය රට වැසියන්ට බලෙන් හෝ ලබාගැනීමට සිදුවෙනවා. කවුරු කොහොම කිව්වත් හැමදාමත්ම මුලාවුණු අහිංසක දුප්පත් ජනතාවගේ ආවේගය ඉහවහා ගිය මොහොතක සිදුවන්නේ කුමක්ද? සිදුනොවන්නේ කුමක්ද කියා අපට අනුමාන කිරීමට අතීතයේ ඕනෑවටත් වඩා නිදර්ශන ඇත. ඔවුන් මරණය තෝරා ගනීවි.. නමුත් තනිවම නම් නොවේ.
බලන් යනකොට පා.ම. ලටත් අන්වර්ත නම් තියනවනේ.. අනේ මෙහෙව් පාර්ලිමේන්තුවක්.. ආයෙත් වැදගත්, රටට හිතවත් මිනිස්සු කවදා දකින්නද මන්දා මේ දියවනාවෙදි. පොහොට්ටුවේ බංකොලොත් භාවය හොඳට පේනවා මිනීමරුම් චෝදනා තියන අයට නාම යෝජනා දීමෙන්ම..
රවින්ද්‍ර මල්ලි, හරිම ආඩම්බරයි.. මම මේ කියන්න හැමදාමත්ම හිතාගෙන හිටපු එහෙත් අමතක වුණු සියලු දේවල් ඔයා කියලා තියෙනවා. අපේ රටේ "බහුතරයක්" ජනතාව දේශපාලුවන්ට වඳිනවා.. ඒ විතරක් නම් මදැයි පොඩි දරුවන්ටත් බල කරලා කියනවා " ඇමතිතුමාට වැඳපන්.." කියලා. එතැනින්ම පොඩි එකාගේ "අභිමානය" දෙමව්පියන් විසින්ම නැතිකරලා දමනවා. මේ "නරි මොල්ලුන්" ගේ ගෝත්‍රික වැඩ නිසා සමහර විදේශිකයින් ශ්‍රී ලාංකිකයින්ට හිනාවෙනවා. " එයා කවුද උඹලාට කියලා වන්දවාගන්න..? ඇයි වඳින්නේ..? අපේ රටෙත් දේශපාලකයින් ඉන්නවා. අපි ඔවුන්ට වඳින්නේ නැහැ. වැරදිකරලා පාරේදී අහුවුනොත් හූ කියනවා.. බිත්තර වලින් ගහනවා. අපි අපේ රටේ ජනාධිපතිට එයාගේ නමින් කතාකරන්නේ. නුඹලාගේ ලොක්කා අපේ එකාටත් වඩා ලොක්කෙක්ද "උතුමාණන්" කියන්න..? " අපේ කෙනා මෝඩයෙක් නම් කියයි ඒ අපේ සංස්කෘතිය කියලා. ආඩම්බරයෙන් එහෙම කියන අය මම දැකලා තියෙනවා. හැබැයි අන්තිමට විදේශිකයා අසන ප්‍රශ්නයට පිළිතුරු නැතිවෙනවා. "උඹලාගේ රට ගැන අපි හොඳට දන්නවා. දුෂිත, හොරුන්ට නුඹලා මෙහෙම වඳිනවා නම් "හොඳ, අවංක "කෙනෙකුට කොහොමද ගරු කරන්නේ.? "පිළිතුරු නැතිවී අපේ එකා මහා මෝඩ හිනාවක් පානවා...
මෙයාගේ අපේක්‍ෂකත්වය අහෝසි කරන්නේ නැත්ද? මරණ දඬුවම නියම වුණු මිනීමරුවකුට පුළුවන්ද පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉල්ලන්න. මේ වගේ නාඩගම් හින්දයි පාර්ලිමේන්තුවත් විහිළුවක් වෙලා තියෙන්නේ. අනේ මෙහෙමත් රටක්.
රට කාපු මහ හොරෙක් නිදහස් කරනකොට අවුරුදු 5කට කළින් මිනීමරපු තක්කඩියෙකුට මරණ දඬුවම දෙනවා. දැන් ඉතින් මිනීමරුවා ගැන කතාකරලා නීතිය ක්‍රියාත්මක කළා කියලා ඒ අයට ඡන්දෙ දෙන්න කියයි. මේ අයව ඊළඟ නිදහස් දිනයේ නිදහස් වෙනවා ජනපති සමාවකින්...
සාමාන්‍ය කෙනෙක්ට රස්සාවකට යන්න වුණත් පොලිස් වාර්තා ඉල්ලනවා. නඩු තිබුණොත් වාර්තාවේ සඳහන් වෙනවා. ඉතින් පාර්ලිමේන්තුව වගේ තැනකට යන අයට නාමයෝජනා දෙනකොට අඩුම තරමේ නඩු පවතිනවාද වත් බලන්නේ නැත්ද? දුක කියන්නේ මේ වගේ මිනීමරුවන්ටත් ඡන්ද දෙන්න මෝඩ මිනිස්සු ඉන්නවනේ...
විජිත් ඕනේ.... කතාව ඇත්ත. මේ දවස්වල ටීවී ව පෙන්නන රැළිවලදී අපේ පිටකොන්දක් නැති සිංහල බෞද්ධයෝ කියාගෙන ඒ අය දේශපාලකයෝ ඉස්සරහ දෙකට නැවෙනවා.
විජිත්, කතාව ඇත්ත. මේ දවස්වල පෙන්වන රැළිවලදී අපේ පිටකොන්දක් නැති සිංහල බෞද්ධයෝ කියාගන්නා අය දේශපාලුවන් ඉස්සරහ නිවට නියාලුව දෙකට නැවෙනවා.
ඡන්දෙන් පස්සේ කියාවි චොකා මල්ලිට ජනාධිපති සමාව ලැබුණා කියලා...
පොදු පෙරමුණට නැතිනම් එක්සත් ජාතික පක්ෂයට බැනලා වැඩක් නැහැ. කණ්ණාඩියක් ළඟට ගිහින් මුහුණ බලාගෙන බැනගන්න. තමන්ගෙන් අහලා බලන්නෙත් නැතිව කොහේවත් ඉන්න පාක්ෂිකයෙකුට, මුට්ටිය අල්ලන්න කෙනෙකුට, කතිරෙ ගහලා එන අය අපිම තමයි. හෙන්චයියලා ඡන්දෙ කාලෙට උඩදාගෙන කෑගහලා මොර දුන්නාම අපේ නියෝජිතයෝ කියලා ඡන්දෙ දෙන අයට කවද්ද හරියන්නේ? රට ගිහින් දහදුක් විඳලා රටේ මිනිස්සු එවන සල්ලි වලින් බද්දවත් නොගෙන කාර් ගන්නවා. අවුරුදු 5ක් රටේ සල්ලි හොරකම් කරලා අන්තිමේ මැරෙනකල් ලක්ෂ ගාණක පෙන්ෂන් එකකුත් ගන්නවා.
පොහොට්ටුවේ මෙවැනි අය බොහොමයක් ඉන්නවා. ඔවුන්ව පරදා වැදගත් අය පාර්ලිමේන්තු යවන්න ජනතාව අදිටන් කරගත යුතුයි. ජනාධිපතිතුමනි, නින්දාව ඔබටයි. ඔබේ සහෝදරයා හැමදාම මෙවන් අපතයින් රැක්කා. ඔබතුමා අවංක නම් මෙවන් තක්කඩි පාර්ලිමේන්තු ආවත් ඇමති පදවි දෙන්න එපා. නමේ හැටි බලන්න චොකා මල්ලි. අධ්‍යාපන සුදුසුකම් මොනවද?. මහින්ද ඔබ ලැජ්ජා වියයුතුයි...
මේ වගේ අයට නාම යෝජනා දෙන නායකයෝ ඉන්න රටක අපි ජීවත් වෙන එකත් ලැජ්ජාවක්...
සියලුම පොහොට්ටු පාලකයන් වෙතයි... මෙහි දමා ඇති සියලුම කමෙන්ටු කියවන්න...
අධිකරණයට අපේ ආචාරය...
ටීවී එකේ පුවත්වලට අනුව නම් මට හිතෙන්නේ ඊයේ මිනීමැරුම් 3ක් අධිකරණය කළා කියලා... අර අඬපු ඇඬිල්ලට...
විශිෂ්ඨ තීන්දුවක්.. අධිකරණයට ජනතාවගේ ආචාරය හිමිවිය යුතුයි. නීති හදන තැනට යවන්නේ මේ වගේ මිනීමරුවන්ද? මේ වගේ අයට නාමයෝජනා දෙන පක්ෂත් දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි. රත්නපුර ජනතාවගේ උගත් බව, ආචාරශීලීත්වය, මැනිය හැකි හොඳම අවස්ථාව අතළඟ. ප්‍රසිද්ධියේ එකක් කියලා පක්ෂ ඇතුලෙදී කුඩු මුදලාලිලාට, කප්පම්කාරයින්ට, මිනීමරුවන්ට, හොරුන්ට සමාජ දූෂකයන්ට නාමයෝජනා දෙන්නෙත් ඔය පක්ෂමයි. අපේ මිනිස්සුත් ඒ අයට වැඳ වැඳ ගිහින් ඡන්දෙ දෙනවා. කවදා මේ රට වෙනස් වෙයිද?
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කර මොවුන් ඉවරයක් කරන්න. නැතිනම් අනාගත ඇමැතියන් බන්ධනාගාර දශලක්ෂයක් සාදනවා කියලා ඡන්ද පොරොන්දු දේවි...
පාතාලයින්ට ඡන්දෙ දෙනවා නම්.., ඒ කියන්නේ රත්නපුරේ ඉන්නේ මේ වගේම පාතාල නූගත් අපතයින්ම තමයි.
අපි බලමු ජනපති සමාව හිමිවේවිද කියා...?
ජනාධිපතිට මාර වැඩේ වුනේ. දැන් මෙයාව එළියට දාන්නත් කොල හදන්න ඕනෑ. යාන්තම් ආරක්ෂක අධීක්ෂණ හිටපු මන්ත්‍රි නොහොත් සුදුපුතා මහත්තයා මරණ දඬුුවමෙන් බේරාගන්න කොල අත්සන් කලා විතරයි. තව තංගල්ලේ මිනීමරුවාවයි, එතකොට සාරුවා සුනිලාවයි බේරා ගන්නත් එපැයි.
ජනාධිපතිවරණයේදී පොරොන්දු වුණේ පාර්ලිමේන්තු නාම යෝජනා ලැයිස්තුවලට වියත් මගෙන් උගත්, වැදගත්, අවංක මනුෂ්‍යයින් ඉදිරිපත් කරනවා. හොරුන්, මිනීමරුවන්, වංචාකාරයින් දමන්නේ නැහැ කියලා... ජනාධිපතිතුමනි, මේ මොකද වෙලා තියෙන්නේ..? ඔබතුමාට දෙන පොරොන්දු ගැන තවදුරටත් විශ්වාසය තැබිය හැකිද?
මුල්කිරිගල අතුරු මැතිවරණයේ සිද්ධියෙන් මහින්ද බේරුණු හැටි අහගත්තා නම් හරිනේ.. නැතිනම් අධිකරණයට වෙට්ටු දාන හැටි ගෝඨාභයගෙන් අහගන්න තිබුණා.
ජනපතිතුමනි, ඔබතුමා ජනපතිවරණයට කළින් පොරොන්දු වුණු පරිදි, බැංකු හොරු ටිකට දඬුවම් දීලා, MCC ගිවිසුම තහනම් කරලා, උගත්, වියත් අවංක පිරිසක් ඡන්දයට ඉදිරිපත් කළා නම් අර 69 ලක්ෂය නැවත ඔබට ඡන්දය දෙනවා. කුඩුකාරයින්ට, මිනීමරුවන්ට ඡන්දය දෙන්න ඔය 69ලක්ෂයෙන් ලක්ෂ 20ක් වත් කැමැති නැත. ඔබතුමා දිනවන්න පිටරටවල සිට පැමිණ ඡන්දය දමපු රට විරුවන්ට ඔබතුමා පිහිට වුණේ නැති නිසා අවම වශයෙන් ඔවුන්ගේ සහ පවුල්වල ඡන්ද ලක්ෂ 5ක් ඔබට අහිමිවීමේ තර්ජනයක් ඇත..
ජේ.ආර්. ගේ ෆෙඩරල් ක්‍රමය වූ පළාත් සභාවෙන් වුණු එකම දේ තමයි, දේශපාලන බලය නොතිබූ නූගත් ගමේ හොරුන්ට සහ චණ්ඩින්ට දේශපාලන බලය ලැබී පනින රිළවුන්ට ඉනිමං ලැබීමයි. මේක තවත් සාක්ෂියක්..
පක්ෂ, පාට කුමක් වුවත් කුඩු, වැලි, පස් ජාවාරම් කරන මිනී මරන කොමිස් ගහන අපේක්ෂකයන්ට මනාපය ගහන්න එපා. මනාපය දෙන්න සුදුසු මනුස්සයකු නැතිනම් පක්ෂයට පමණක් කතිරය ගහලා නිකම් ඉන්න.
අවුලක් නැහැ. ජනාධිපති සමාව කියලා දෙයක් තියෙන්නේ, අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනයට ගන්න තමයි. ඡන්දෙන් පස්සේ බලන්න පුළුවන් ගොනුකර තියෙන නඩු වලට, ගොනු වෙමින් තියෙන නඩු ෆයිල් වලට සහ හිරේ ඉන්න අයට මොකද වෙන්නේ කියලා...
මේ වගේ අපරාධ නඩු තියන අයටත් නාමයෝජනා දෙන පක්ෂ තියෙන්නේ අපේ මේ ශ්‍රී ලංකාවේ...
වියත්මගේ සාමාජික පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්නේ නැත්තේ මනාප පොරයේදී පාතාල මිනීමරුවන් විසින් අනිවාර්යයෙන් කීපදෙනෙක් පරලොව යවන බව දන්න නිසා වෙන්න පුළුවන්... පුළුවන් තරම් මනාප ගහලා මිනීමරුවන් පාර්ලිමේන්තු යවන්න කියලා වාසුත් කියනවා නම්... ඉතින් කවර කතාද?