
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.
ඒ අනුව එම වාර්තාව පදනම් කරගෙන කැබිනට් මණ්ඩලය දෙන තීරණයෙන් පසු හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු කමිටුවේ නිර්දේශ මත පදනම්ව එම තක්සේරු වාර්තාව සකස් කිරීමට නියමිතය.
වාර්තාව ආරක්ෂක අමාත්‍යාංශය මාර්ගයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පොලිස්පතිවරයා බලාපොරොත්තු වෙයි.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ඇතුළු පහසුකම් සම්බන්ධයෙන් කරුණු සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පසුගියදා
පත් කෙරිණ.
එම කමිටුවේ වාර්තාවද නුදුරේදීම ජනාධිපතිවරයාට භාරදීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්‍ෂාවට ඉන්න අය ආරක්ෂක කටයුතුවල පමණක් යොදවන ලෙස මේ ප්‍රභූලාට දැනුම්දීම අත්‍යාවශ්‍යයි. වත්තේ, කුස්සියේ වැඩවලට, බල්ලෝ නාවන්න ගන්න එක තහනම් කරන්න ඕනෑ.
අපිට උන්ව නඩත්තු කරන්න බෑ බෑ බෑමයි. ආයේ එක එක මගුලක් හොයන්නේ මොකටද? මීට බදු ගෙවන මහජනතාව.