IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්

(සුජිත් හේවාජුලිගේ)

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.

ඒ අනුව එම වාර්තාව පදනම් කරගෙන කැබිනට් මණ්ඩලය දෙන තීරණයෙන් පසු හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු කමිටුවේ නිර්දේශ මත පදනම්ව එම තක්සේරු වාර්තාව සකස් කිරීමට නියමිතය.

වාර්තාව ආරක්ෂක අමාත්‍යාංශය මාර්ගයෙන් කැබිනට් මණ්ඩලයට  ඉදිරිපත් කිරීමට  පොලිස්පතිවරයා බලාපොරොත්තු වෙයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව  ඇතුළු පහසුකම් සම්බන්ධයෙන්  කරුණු සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පසුගියදා
පත් කෙරිණ.

එම කමිටුවේ වාර්තාවද නුදුරේදීම ජනාධිපතිවරයාට භාරදීමට නියමිතය.



අදහස් (2)

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්

Damithre Tuesday, 05 November 2024 04:49 PM

ආරක්‍ෂාවට ඉන්න අය ආරක්ෂක කටයුතුවල පමණක් යොදවන ලෙස මේ ප්‍රභූලාට දැනුම්දීම අත්‍යාවශ්‍යයි. වත්තේ, කුස්සියේ වැඩවලට, බල්ලෝ නාවන්න ගන්න එක තහනම් කරන්න ඕනෑ.

:       0       0

මහජනයා Tuesday, 05 November 2024 05:14 PM

අපිට උන්ව නඩත්තු කරන්න බෑ බෑ බෑමයි. ආයේ එක එක මගුලක් හොයන්නේ මොකටද? මීට බදු ගෙවන මහජනතාව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site