
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපතිවරුන්ට මෙතෙක් ලබා දී තිබූ දුරකතන හතරෙන් තුනක්ම ඉවත් කර ඇත.
මේ අනුව හිටපු ජනාධිපතිවරයකුට දැනට හිමිවන්නේ එක් දුරකථනයක් පමණි.
මේ සම්බන්ධයෙන් අප හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ හිටපු ජනාධිපතිවරයාට මෙතෙක් ලබාදී තිබූ දුරකථන හතරෙන් තුනක්ම ඉවත් කර ඇති බවයි.
එසේම සේවකයන් සංඛ්‍යාවද සීමා කර ඇතැයි පැවසූ එම නිලධාරියා නිල වාහන සංඛ්‍යාවද දෙකකට අඩු කර ඇතැයි ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපතිවරුන්ට මෙතෙක් ලබා දී තිබූ විවිධ පහසුකම් අඩු කිරීමට ජාතික ජන බලවේග රජය පසුගියදා තීරණය කළේය. මෙම පහසුකම් මෙසේ ඉවත් කර ඇත්තේ ඒ අනුවය.
COMMENTS
මේවා ඉතා වැදගත් තීන්දු තීරණ. මේ අය කෝටි ප්‍රකෝටි පතියන්. මේ අයට අවශ්‍ය නම් එක ෆෝන් එකක් නෙවෙයි දහයක් වුණත් තබා ගත හැකියි. නමුත් මහජන මුදලින් නෙවෙයි. මේ අය රට වැඩදායක වුණ තරමටම අවැඩදායක වුණ අය.
තටු නෙමෙයි , වෙන මොනවා කැපුවත් , ඔවුන්ගේ පළපුරුද්ද, බුද්ධිය කපන්න බැහැ. එය හොඳට පැහැදිලියි.
මේ අය මහලු මඩමක් හොයලා දාන්න...
දැන්නේ මේ අයගේ විශ්‍රාම වරප්‍රසාද ගැන හෙළිවෙන්නේ...
තවත් සිඟිති ආතල් එකක්. කුහක ජෙප්පෝ. මුන් රට හදන්නේ නැහැ.
ඉතා හොඳයි. ජනතා සේවය එන්නෙ වැඩකරන්න මිසක් සැප විඳින්න නොවේ.
දැන් නම් අපි දියුණු වෙමින් පවතින රටක් බව තේරෙනවා. සතුටුයි.
දුරකථනම හතරක්? එකක් මුඛේ, අනෙක ..., දෙකක් කණේ වෙන්ට ඇති?
කොල්ලටයි, බල්ලටයි පාවිචියට තිබුණු අමතර දුරකථනත් අයින් කරලා. දැන් ඉතිං ඔවුන්ටත් බොත්තම් ඔබන ජංගම දුරකතනයක් අරගෙන, රීලෝඩ් එකක් දාගෙන තමයි මලක්හරි කඩන්න වෙන්නේ. අනේ අපොයි....
දැනුත් ඔහොමනම්? බලයේ ඉන්නකොට කොහොම සුද්දයක් දෙන්න ඇද්ද...?
පරණ පිනක් ඉහේ කඩාගෙන වැටුණු ජනපතියන්ටත් ඔය වරප්‍රසාද තියෙනවාද? ඒ පිනම මදිද සැනසෙන්න...
තමන්ගේම තටු කපගන්නේ කියලාවත් තේරුමක් නැති හැටි.
ඒකත් අනවශ්‍යයි, රටට හොඳට වඩා නරකයි කලේ, ඒකයි මේ කරුමෙ විඳින්නෙ. දැන් තවත් ජනතාවට බරක් නොවී තැන් තැන් වල ගෑනු වගේ කියව කියව ඉන්නෙ නැතිව පොදු මහජනයාට යහපතක් වෙන දෙයක් දැන්වත් කරන්න. ඔතන සමහරු ජනතාවට අඩු නැතිව විහිළු නම් සපයනව.
රට බංකොලොත් වෙලත් මේ මිනිස්සුන්ට කිසිම අනුකම්පාවක් නැතුව මහජන මුදල් කාබාසිනියා කරන හැටි. විශ්‍රාම වැටුප් පමණක් අවශ්‍යයි කියලා ඉල්ලනවානම්, ඒකවත් දෙන්න.
දැන් පත්වෙලා ඉන්න ජනාධිපතිගේ නම් තටු වැඩෙනවා කියලා අපි දැක්කා... වාහන 3ක් විතරක් තිබ්බ පෙළපාලිය දැන් 10ක් විතර යනවා.
ඕක තමයි රටේම බහුතර ජනතාව ඉල්ලන වෙනස. ජයවේවා...!
කෝ ඉතිං මේ කරන දේවල ප්‍රතිලාභ ජනතාවට නෑනේ. ගිය සැප්තැම්බරයේ ඔලුව උස්සන් හිටිය අපි අද ජීවන බරෙන් ගහෙන් වැටුනු ගොන්නු වගේ ඉන්නවා.
අරුණිලා වගේ ගොන්නු ඉන්නකල්, අපිට සැප කණේ.
ජනතා මුදලින් ජීවත්වෙන හිඟන්නෝ....ඊළඟ ආත්මෙ රජයේ හරක් ගොවිපලක හරක්ම වෙනවා...