IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හිටපු ජනපතිට එරෙහි පැමිණිල්ල ගැන තිරණය 14ට කල් යයි

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

ආරක්ෂක අමාත්‍යවරයාව සිට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වළක්වා ගැනීමට පියවර නොගත්තැයි කියමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල විභාගයට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය මෙම මස 14 වෙනි දින පෙරවරු 9.30 ට ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය දැනුම් දුන්නේය.

එදිනට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද දැනුම් දුන්නේය.

අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති තමන්ට එරෙහිව අපරාධ පැමිණිල්ල බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවය.

මෙම රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුණි. දෙපාර්ශවයේ නීතිඥවරුන් පෙත්සම සම්බන්ධයෙන් දීර්ඝ කරුණු ඉදිරිපත් කරන ලදී.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතිඥ කීර්ති තිලකරත්න මහතා සමග ජනාධිපති නීතිඥ හයිස් මුස්තාෆා පෙනී සිටියේය.

නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසුරිය මහතා පෙනී සිටියේය.

 



අදහස් (1)

හිටපු ජනපතිට එරෙහි පැමිණිල්ල ගැන තිරණය 14ට කල් යයි

shantha rathnayaka Thursday, 13 October 2022 06:10 AM

22ට හොඳ තීරණයක් ගන්නවා කීමයි, 14 දිනට අතරේ කුමක් හෝ සම්බන්දයක් තියෙනවදෝ කියලා සැකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site