
(කේ බුද්ධික කුමාරසිරි)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට යාමට අවශ්‍ය කටයුතු සිදු සිදුකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික විධායක සභික නීතිඥ රවින්ද්‍ර ජයසිංහ මහතා අද (25) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් ඉවත් කළේ නම් අවශ්‍යතාවය මත යැයි සිතා ඒ පිළිබඳව සෑහීමකට පත්විය හැකි වුවත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ආර්ථික කටයුතු වෙනුවෙන් ඉවත් කිරීම පිළිගත නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නිලන්තී කොට්ටහච්චි මහත්මිය නීතිඥවරියක් වශයෙන් සිදුකර තිබෙන ප්‍රකාශය පිළිගත නොහැකි බවත්, ඇය සිදුකළ උගන්ඩා ප්‍රකාශය මෙන්ම මෙයත් ජනතාව නොමඟ යැවීමට කළ ප්‍රකාශයක් යැයිද එහිදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරනවා නම් හොඳම වැඩේ තමයි ඔවුන් මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ලබාදුන් පොරොන්දු ඉටුකරවා ගැනීම, උදාහරණයක් හැටියට නිලන්ති කියූ උගන්ඩාවට ගෙනගියා කියපු මුදල් ඉක්මණින්ම ගෙන්වාගන්න කියලා අධිකරන නියෝගයක් ලබාගැනීම...
තිස් වසරක යුද්ධය නිමා කරපු වීරෝදාර සෙන්පති සරත් ෆොන්සේකා මහතාව අමානුෂිකව ඇදගෙන ගොස් බොරු චෝදනා කර අපරාධකරුවන්ගෙන් පිරි වැලිකඩ හිරගෙදරට දමද්දී එතුමගේ ආරක්ෂාව ගැන වචනයක්වත් කතා නොකරපු අය මහින්දගේ ආරක්ෂාවට පොලිසියේ හැටක් මදි කියනවා.
මේ අයව ආරක්ෂා කරන්න මහජන මුදල් විනාශ කරන්ඩ බෑ. මේක වහාම අත්අඩංගුවට ගන්න...
ඉතින් යන්න... කවුද එපා කිව්වේ...?
ආර්තික ඝාතකයෙක් ගරු අධිකරණයෙන් පවා වරදකරු වෙලා තියෙන්නේ?
චෞර රජු වටේම අනුගාමික රෑන ඉන්නවා තාම... කටු කෑම තවම..
බොහොම අගෙයි !!! ඉන්න පොලිස් ආරක්ෂාව 60ත් 10ට බස්සගන්න කරන උත්සාහයක්. ඒ කාලේ ගියා !!! දැන් නීතිය සියල්ලටම උඩින් !!! ගෙදර උයන්න, බල්ලෝ නාවන්න, වත්තේ පොල් කඩන්න, ඩ්‍රැගන් ෆ්රුට් වත්තට සාත්තු කරන්න, වත්ත සුද්ධ කරන්න, වාත තෙල්ගාලා මසාජ් කරන්න .. වගේ වැඩවලට තමන්ව යොදාගත්තා කියලා සාක්ෂි දෙන්න පොලිසියේ, හමුදාවේ ඕනෑතරම් සාක්ෂිකරුවන් රජය වෙනුවෙන් ඉන්නවා. ත්‍රී වීල් එකකුයි රාළහාමිලා දෙන්නෙකුයි මෙයාට වැඩිත් එක්ක.
ඉස්සර වගේ නොවේ නේද? ආණ්ඩු පක්ෂයේ නොවන අයටත් විශ්වාසයක් ගොඩනැගිලා නේද?
රට බංකොළොත් කරපු හොරුන්ට ආරක්ෂාව මොකටද?
තමන්ගේ වියදමින් පුද්ගලික ආරක්ෂකයන් ගැනීමට හැකියාවක් ඇත. මහජන මුදල් තව දුරටත් ලබාදිය යුතු නොවේ. රටේ ජනාධිපති යනු රටේ තාවකාලික භාරකරු පමණි.
මේ මනුස්සයා පුදුම කර්මයක් වුණානේ අපේ රටට...
විකාර වැඩ කරන්නේ නැතුව, බණ පොතක් බලාගෙන, යන තැනකට වැඩක් කර ගන්න.. තවත් පව් නොදී...
LTTE ඩයස්පෝරා අයගේ තවත් ඉල්ලීමක් අනුර කුමාර ඉටුකරනවා.
ජනතාවගේ මුදලින් මොවුන්ට තවත් වැඩකළ යුතුද? කාගෙන් ආරක්ෂා වෙන්නද තියෙන්නේ...? ඔබලා තවමත් රටට බරකි...
කාලයක් විදුලි පුටුව දැන් ආපහු ISIS ආයිත් කවදාවත් මේ භූමියේ මොනම ආකාරයකින්වත් දේශපාලන බලයක් ලබාගත නොහැකි අවලංගු කන්ඩායමක ලතෝනිය.
සුනාමි ආධාර හොරා කාපු රටම බංකොලොත් කළ මයිනා උඹලාගේ ගෙදර එක්ක යන්න
හොරාකාපු සල්ලි වලින් ආරක්ෂකයින් කීප දෙනෙක් ගන්න පුලුවන් නේ , තවත් මහජනයාගේ බදු සල්ලි වියදම් කරන්නේ
ආරක්ෂාව සහතික කරන්න ඕනේ රටේම එකෙකුගේ නොවේ ඕකුන් කියන්නේ ආරක්ෂාව යනු උන්ගේ වතුපිටි ගේ දොර වැඩ බල්ලෝ නවන්න පොල් කඩන්න ගෑනිගේ කොන්ඩෙ පීරන්න මේවට දැන් කවුරුත් නැහැ.. ඒවා තමයි උන් ආරක්ෂාව කියලා ගණන් බලන්නෙ.. අම්මගේ රෙද්දේ ආරක්ෂාව ඕකුන් මුළු පවුලම දාන්න ඕනා හිරේ ඕකුන් රටට කළ විනාශයට මිණී මැරුම්.. දුෂණ අපරාද මේවට දෙන්න ඕනේ ආරක්ෂාවද..? යුද්දේ පිට දාල සේරම වහන්න දෙන්න බැහැ.