(කේ බුද්ධික කුමාරසිරි)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට යාමට අවශ්‍ය කටයුතු සිදු සිදුකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික විධායක සභික නීතිඥ රවින්ද්‍ර ජයසිංහ මහතා අද (25) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් ඉවත් කළේ නම් අවශ්‍යතාවය මත යැයි සිතා ඒ පිළිබඳව සෑහීමකට පත්විය හැකි වුවත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ආර්ථික කටයුතු වෙනුවෙන් ඉවත් කිරීම පිළිගත නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නිලන්තී කොට්ටහච්චි මහත්මිය නීතිඥවරියක් වශයෙන් සිදුකර තිබෙන ප්‍රකාශය පිළිගත නොහැකි බවත්, ඇය සිදුකළ උගන්ඩා ප්‍රකාශය මෙන්ම මෙයත් ජනතාව නොමඟ යැවීමට කළ ප්‍රකාශයක් යැයිද එහිදී පැවසීය.
පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)
කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (මැයි 5) සහ අනිද්දා ( 6 ) යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට ත
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ඉවත්කිරීම ගැන අධිකරණයට යනවා‘
Pushpakumara Wednesday, 25 December 2024 03:35 PM
කරනවා නම් හොඳම වැඩේ තමයි ඔවුන් මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ලබාදුන් පොරොන්දු ඉටුකරවා ගැනීම, උදාහරණයක් හැටියට නිලන්ති කියූ උගන්ඩාවට ගෙනගියා කියපු මුදල් ඉක්මණින්ම ගෙන්වාගන්න කියලා අධිකරන නියෝගයක් ලබාගැනීම...
පිටිගල මිලානෝ Wednesday, 25 December 2024 04:06 PM
තිස් වසරක යුද්ධය නිමා කරපු වීරෝදාර සෙන්පති සරත් ෆොන්සේකා මහතාව අමානුෂිකව ඇදගෙන ගොස් බොරු චෝදනා කර අපරාධකරුවන්ගෙන් පිරි වැලිකඩ හිරගෙදරට දමද්දී එතුමගේ ආරක්ෂාව ගැන වචනයක්වත් කතා නොකරපු අය මහින්දගේ ආරක්ෂාවට පොලිසියේ හැටක් මදි කියනවා.
ජයන්ත Wednesday, 25 December 2024 04:52 PM
මේ අයව ආරක්ෂා කරන්න මහජන මුදල් විනාශ කරන්ඩ බෑ. මේක වහාම අත්අඩංගුවට ගන්න...
fairoos Wednesday, 25 December 2024 04:59 PM
ඉතින් යන්න... කවුද එපා කිව්වේ...?
ගමේ එකාලා Wednesday, 25 December 2024 05:15 PM
ආර්තික ඝාතකයෙක් ගරු අධිකරණයෙන් පවා වරදකරු වෙලා තියෙන්නේ?
Lalla Wednesday, 25 December 2024 05:20 PM
චෞර රජු වටේම අනුගාමික රෑන ඉන්නවා තාම... කටු කෑම තවම..
විජිත් Wednesday, 25 December 2024 05:33 PM
බොහොම අගෙයි !!! ඉන්න පොලිස් ආරක්ෂාව 60ත් 10ට බස්සගන්න කරන උත්සාහයක්. ඒ කාලේ ගියා !!! දැන් නීතිය සියල්ලටම උඩින් !!! ගෙදර උයන්න, බල්ලෝ නාවන්න, වත්තේ පොල් කඩන්න, ඩ්‍රැගන් ෆ්රුට් වත්තට සාත්තු කරන්න, වත්ත සුද්ධ කරන්න, වාත තෙල්ගාලා මසාජ් කරන්න .. වගේ වැඩවලට තමන්ව යොදාගත්තා කියලා සාක්ෂි දෙන්න පොලිසියේ, හමුදාවේ ඕනෑතරම් සාක්ෂිකරුවන් රජය වෙනුවෙන් ඉන්නවා. ත්‍රී වීල් එකකුයි රාළහාමිලා දෙන්නෙකුයි මෙයාට වැඩිත් එක්ක.
බකල ජයා Wednesday, 25 December 2024 05:41 PM
ඉස්සර වගේ නොවේ නේද? ආණ්ඩු පක්ෂයේ නොවන අයටත් විශ්වාසයක් ගොඩනැගිලා නේද?
තෙපානිස් අප්පුහාමි Wednesday, 25 December 2024 08:02 PM
රට බංකොළොත් කරපු හොරුන්ට ආරක්ෂාව මොකටද?
Vajira Wednesday, 25 December 2024 08:15 PM
තමන්ගේ වියදමින් පුද්ගලික ආරක්ෂකයන් ගැනීමට හැකියාවක් ඇත. මහජන මුදල් තව දුරටත් ලබාදිය යුතු නොවේ. රටේ ජනාධිපති යනු රටේ තාවකාලික භාරකරු පමණි.
Rata Perata Wednesday, 25 December 2024 09:19 PM
මේ මනුස්සයා පුදුම කර්මයක් වුණානේ අපේ රටට...
ජගත් ලියනගේ Wednesday, 25 December 2024 10:23 PM
විකාර වැඩ කරන්නේ නැතුව, බණ පොතක් බලාගෙන, යන තැනකට වැඩක් කර ගන්න.. තවත් පව් නොදී...
Kamal perera Wednesday, 25 December 2024 11:19 PM
LTTE ඩයස්පෝරා අයගේ තවත් ඉල්ලීමක් අනුර කුමාර ඉටුකරනවා.
Asanga Thursday, 26 December 2024 05:08 AM
ජනතාවගේ මුදලින් මොවුන්ට තවත් වැඩකළ යුතුද? කාගෙන් ආරක්ෂා වෙන්නද තියෙන්නේ...? ඔබලා තවමත් රටට බරකි...
Mahinda Thursday, 26 December 2024 07:43 AM
කාලයක් විදුලි පුටුව දැන් ආපහු ISIS ආයිත් කවදාවත් මේ භූමියේ මොනම ආකාරයකින්වත් දේශපාලන බලයක් ලබාගත නොහැකි අවලංගු කන්ඩායමක ලතෝනිය.
sam Thursday, 26 December 2024 08:34 AM
සුනාමි ආධාර හොරා කාපු රටම බංකොලොත් කළ මයිනා උඹලාගේ ගෙදර එක්ක යන්න
Kazi Shajahan Thursday, 26 December 2024 11:56 AM
හොරාකාපු සල්ලි වලින් ආරක්ෂකයින් කීප දෙනෙක් ගන්න පුලුවන් නේ , තවත් මහජනයාගේ බදු සල්ලි වියදම් කරන්නේ
Athula Thursday, 26 December 2024 12:46 PM
ආරක්ෂාව සහතික කරන්න ඕනේ රටේම එකෙකුගේ නොවේ ඕකුන් කියන්නේ ආරක්ෂාව යනු උන්ගේ වතුපිටි ගේ දොර වැඩ බල්ලෝ නවන්න පොල් කඩන්න ගෑනිගේ කොන්ඩෙ පීරන්න මේවට දැන් කවුරුත් නැහැ.. ඒවා තමයි උන් ආරක්ෂාව කියලා ගණන් බලන්නෙ.. අම්මගේ රෙද්දේ ආරක්ෂාව ඕකුන් මුළු පවුලම දාන්න ඕනා හිරේ ඕකුන් රටට කළ විනාශයට මිණී මැරුම්.. දුෂණ අපරාද මේවට දෙන්න ඕනේ ආරක්ෂාවද..? යුද්දේ පිට දාල සේරම වහන්න දෙන්න බැහැ.