
(යොහාන් භාසුර)
මහින්ද රාජපක්‍ෂ මහතා නිල නිවසින් ඕනෑම වෙලාවක ඉවත්ව යෑමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (20) පැවසීය.
එතුමා මහින්ද රාජපක්‍ෂ වීම නිසා නිල නිවසින් ඉවත් යෑමට සූදානම් බවත් වර්තමාන ජනාධිපතිතුමාට එම නිවස කාට හෝ විකුණාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා මහින්ද රාජපක්‍ෂ මහත්මයා ඉවත්කිරීමට අවශ්‍ය නම් එය ලිඛිතව දැන්විය හැකි බවත් නාමල් රාජපක්‍ෂ මහතා කීය. එම නිවස ඉල්ලා ගත් දෙයක් නොවන අතර එය ව්‍යවස්ථානුකූලව හිටපු ජනාධිපතිවරයාට ලැබුණු දෙයක් බව ද නාමල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ, යන්න එපා... ව්‍යවස්ථානුකූලව ඉතුරුටික ගෙවලා ඉන්නවලකො...
වර්ථමාන සුහුඹුල් නායකත්වය දැනගන්න ඕන දේශපාලනයෙන් තොර ජාතියක් විදිහට හිතුවම මහින්ද කියන්නේ යෝධ නායකයෙක් වග. එතුමා රටට බොහෝ වැඩ කළ කෙනෙක්.කළ ගුණ නොදත් කුහකයින් ලෙස හැසිරීම වැරදියි.එතුමාගේ ආරක්ෂාව ගැන ඉතා වගකීමෙන් සිටිය යුතුයි. යමක් සිදුවුවහොත් එය වර්ථමාන මුඛකුහර පමණක් ඇකි පාළනයේ අවසන් හෝරාවද විය හැකියි.
උගන්ඩාවට ඩොලර් අද්දාද කියලා නම් දන්නේ නැහැ . ඒත් නුඹලා වගේ පචම කිය කියා හිටියේ නැහැ. රටට එක වැඩක් හරි කරලා තමයි ගියේ. කුහක ජෙප්පෝ කියන්නේ නිකන් නෙවෙ
බහුතර ජනතාවටද හොරෙක් එලවීමට අවශ්‍ය බව කරුණාවෙන් සලකන්න.
එහෙනම් කියව කියව ඉන්නේ නැතුව ඕක දාලා පල යන්න දවාලක කෙදිරි ගාන්නේ නැතුව
මුන්ගේ තියෙන්නේ ඊර්ෂියාවයි සහ ක්‍රෝධය වෙන මුකුත් නෑ
මගේ හැඟිම නම් එතුම ජිවත්ව සිටින තාක් කල් ප්‍රභූ ආරක්ෂාව හා නිල නිවස සැපයිය යුතුයි. අනිත් ජනාධිපතිවරුන් මෙන් නොව එතුමා යුද්ධය ඉවර කිරිමට නායකත්වය දුන්නු කෙනයි. වෙන වැරදි වුවමනා තරම් තිබුනත් යම්කිසි ආකාරයකින් කෙළෙහිගුණ දැක්වීමක් අප රටක් වශයෙන් කළ යුතුයි. වැරදිවලට නිත්‍යානුකූළව කටයුතු කිරිමේ වරදක් නොදකිමි. එතුමාගේ පළමු ජනපති ධූර කාලය ශ්‍රි ලංකාව අත්විඳ ඇති සාර්ථකම නායකත්වයක් රටට ලබා දුන් කෙනෙක් බව මගේ හැඟිමයි.
ආ කොල්ලෝ මොලයක් තියෙනවානම් කල්පනා කරලා බලපන්. බලය තියෙනකොට සේරම සේසත හුරන් කාලා. මොකද. රැකියාවක් කරන්න දැනුමක් නැති නිසා මයිනයි. මයිනියි දෙන්නම හොරා කෑවා. දැන් හොරුන්ව ආරක්ෂා කරන්න වෙනම ගෙවන්න ඕන. රටේ හොදමතැනින් හොදම. නිවසත් නොමිලේ දෙන්න ඕන. යකෝ මැරෙනකම් හිටියොත් මේ නාකි නඩේ රට බංකොලොත් වෙන එක අහන්න දෙයක්ද?
මැදමුලනට වෙලා ඉදින්කෝ, කොළඹ උන්ට පවු පුරවන්නේ...
හරි!!! නියම අදහසක් සහ ඔහුට යන්න කියන්න
රට උලා කාපු උඹලා යන්න ඕනි තමා
කරුණාකර ඉවතට වන්න,ව්‍යවස්තාව හදා ගත්තු එතුමා සහ ගෝල බාලයන්ගේ අවශ්‍යතා ඇතුලත් කර අදට එය ගලපෙනේ නැහැ. රාජ්‍ය දේපල ජනතා දේපල පරිහරණයෙන් ඉවත් වන්න. විකුණා දැමීමට අවශ්‍ය නැහැ. මේවාට අයිතිකරුවන් ඉන්නවා. මේ රටේ ජනතාව
ඇයි පුතේ ඉතිං තවත් බලාගෙන ඉන්නේ. හරි හමන් පිය ගෞරවය ඇති පුතෙක් නම් අරගෙන ගිහින් ගෙදර තියාගෙන බලා ගන්නකෝ. ඔය වගේමයි අපේ විපක්ෂ නායක තුමා, කයිය විතරයි. අම්මව බලා ගන්නෙත් ආණ්ඩුවේ සල්ලි වලින්.
මහාපරිමාණ හොරකම් දූෂණ වලින් ගසා කාලා හම්බ කරගත්තු උන්ට තැන් තැන්වල ගෙවල් නැතුවයෑ. ආරක්ෂකයෝ වටේටම තියාගෙන ඉන්ට බැරියැ.
ලය දැරෑ කාලයේ හිසට ඉහලින් කපුටකුට ( බැසිල් නොව) ඉඩ නො දුන් රාපක්ෂ චෘරකල්ලියට දිටඨධම්ම වේදනීය කර්මය පලදීමේ කාලය එලබී ඇත. කලක් විදුලි පුටුවේ එල්ලුනු චෘරකල්ලිය දැන් යුද්ධය අවස න් කල නායකයා ලෙස ආවරනය වීමට උත්සාහ කඑයි. යුද්ධයේදි සක්‍රී ය දායකත්වය දුන් අවසන් මොහොතේ සටන් කල යුධ හමුදාපති ඇතු ලු අනදුන් නිලධාරීන යුධබිමේ සක්‍රීයව සටන්කල සෙබලා දක්වා සියලු දෙනාම ඔය තර්ජනයට යටත්.
එලවන්න ඉස්සර වෙලා එක්ක යන්න... දේශපාලකයන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා හිතපු කාලය ඉවරයි
ලැජ්ජා නැද්ද යකෝ තොපිට මේ විදිහට පිනට කන්න දුප්පත් ජනතාවගේ සල්ලි වලින්. නොදකින්.. රටම විකුණලා ධනය හොරකම් කරලා කරලා රට බංකොලොත් කරලා තවත් රටේ දුප්පත් ජනතාවගේ සල්ලි වලින් සුරසැප විඳින්න
එහෙම නිකම් යන්න දෙන්න බැහැ . වැඩිපුර හිටපු එකට අපිට ගෙවල් කුලී දීලා එලියට බැහැපන්.
රටේ දේපල පොදු ජනතාවගේ පරිභෝජනය සදහා පමණි. සේවා කාලයෙන් පසු නැවත බාරදිය යුතුය