
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපති මාධ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මරණීය තර්ජනය කළ බව පවසමින් එම ඒකකයේ ඡායාරූප ශිල්පියෙක් කහතුඩුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
ඉකුත් 11 වෙනි දින රාත්‍රියේදී ඡායාරූප ශිල්පී ඩබ්ලිව් ඩි තිලක් නිශාන් මහතා කහතුඩුව නිවසේ සිටියදී ඔහුගේ ජංගම දුරකථනයට වට්සැෆ් තාක්ෂණය ඔස්සේ ඇමතුමක් ලබාගෙන තිබූ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මෙලෙස මරණීය තර්ජනය කළ බව ඔහු කළ පැමිණිල්ලේ සඳහන්ය
රාජකාරී සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට තමන් පිළිතුරු ලබා දීමෙන් අනතුරුව "තෝ ඉන්න තැන මම දන්නවා, උඹව ගෙදරට ඇවිල්ලා කපලා මරනවා , උඹ දන්නෙ නැහැ මගේ හැටි, යැයි පවසමින් මරණීය තර්ජනය කළ බව පවසමින් පෙරේදා (12) පැමිණිල්ලක් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"හිටපු" කෑල්ල තියෙන නිසා මේව එලියට එනවා. නමුත් "ඉන්න" කාලේ අනික් අය බයයි පැමිණිලි කරන්න. හැබැයි මේ කරල තියෙන්නෙ ඒ මාධ්‍ය තුමාගේ රාජකාරියට අදාල දෙයක් වෙන්න ඇති.
හිටපු ලොක්ක විහිලු සපයනව. ගෝලයො මරණ තර්ජන කරනව.හෙටින් පස්සෙ ඔය හෑටාව අවසන් වෙයි
අර වෘත්තීය සමිතියක් අටවගෙන වැඩ වර්ජනය කර කර ඉඳලා රනිල් මහතා ආණ්ඩුවේ තනතුරක් ගත්ත හාදයා නේද මේ උඩ ගිහින් තියෙන්නේ