IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


හිටපු ජනපති ආරක්ෂාව ගැන හෑල්ලුවෙන් හිතන්න එපා

 

             

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේදී රජය ඉතාමත් කල්පනාවෙන් සහ පරිස්සමින් ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති  වජිර අබේවර්ධන මහතා පැවසීය.

ඉතිහාසය පුරා සිටි රාජ්‍ය නායකයන් බොහෝමයක් අකල් මරණවලට ගොදුරු වී ඇති බව කී අබේවර්ධන මහතා  ඒ නිසාම ප්‍රභු ආරක්ෂාව, ආරක්ෂක අමාත්‍යංශයට ව්‍යවස්ථානුකුලව ලබාදීමට කටයුතු කර ඇති බව සඳහන් කළේය.

වජිර අබේවර්ධන මහතා මේ බව කීවේ ගාල්ල දිස්ත්‍රික්කයේ කරණ්දෙනිය මැතිවරණ කොට්ඨාශයේ පැවැති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල හමුව  අමතමිනි.

එහිදී වජිර අබේ වර්ධන මහතා මෙසේද කීය.

අද බොහෝ දෙනෙක් හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ප්‍රභූ ආරක්ෂාව ගැන කතා කරනවා. වර්තමාන රජය මෙම ආරක්ෂාව කප්පාදු කරන එක ගැනත් සමාජයේ විවිධ කතා තිබෙනවා. කොහොම උනත් මේ තීන්දු තීරණ ගන්නකොටත් රජය ඉතාමත් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ තිස් අවුරුද්දක් පුරා තිබුණු ත්‍රස්තවාදී යුද්ධය අවසන් කරන්න අවසානයේ නායකත්වය දුන් පුද්ගලයා යනුවෙන්ද වජිර අබේවර්ධන මහතා කීය.



අදහස් (22)

හිටපු ජනපති ආරක්ෂාව ගැන හෑල්ලුවෙන් හිතන්න එපා

යෝගා Sunday, 02 February 2025 03:33 PM

ජනමනසේ ඇඳිලා තියෙන මහින්දගේ ප්‍රතිරූපය, ඔහුට ඇති ගෞරවය තාවකාලික වූවක් නොවේ. ඡන්දය දුන් නොදුන් කාගේත් එය එසේමයි. නමුත් ඔය ටික උපන්ගෙයි සිට සමාජ වෛරයකින් පෙලෙන අනුර ඇතුලු කුහක ජෙප්පන්ට නොතේරේ. මහින්දට ගහන තරමට තමන් පිරිහෙන බවවත් මේ නීචයන්ට නොතේරේ.

:       100       211

රම්බොඩ Sunday, 02 February 2025 03:34 PM

රටක් නිදහස්කළ සහ බොහෝ සංවර්ධන කටයුතු කළ මහින්ද මහතා ගැන වර්ථමාන රජය හිතන්නේ ත්‍රීවීල් කරුවන් ලෙසින්. තමන් රටට මොකුත් නොකළාට, තමන්ට අභිමානයක් නැතිවට මහින්ද මහතා ගැන එසේ නොසිතිය යුතුයි. තමන්ගේ හීන සිතුවිලි නිසා ඔහුට අවමන් කිරීම සහ අනාරක්ෂිත කිරීම නොකළ යුතුයි. දේශපාලන භේදයක් නැතිව එතුමගේ සැඳෑ සමය නිදහසින් ගත කරන්නට දීම රටේ වගකීමක්. කෘතගුණ සැළකීමක්...

:       90       167

RasSunday, 02 February 2025 03:59 PM

හොරා කාපුවා ගැනත් කියන්න.

:       104       75

පාඨකයෙක් Sunday, 02 February 2025 03:51 PM

නිර්පාක්ෂිකව කරුණු විමසා බැලුවහොත්, විවිධ ත්‍රස්තවාදී කල්ලි මගින් මෙරට විවිධ දේශපාලන නායකයින් ඝාතනය කිරීම හේතුවෙන් රටේ නායකත්වයට සුදුසු වටිනා පුද්ගලයින් ගණනාවක් නැතිවුණු බව වැටහේ. වසර ගණනාවක සිට මේ රට අත්විඳිමින් සිටින නායකයින් හිඟයට ඍජු හේතුව එයයි...!

:       20       87

අකිල Sunday, 02 February 2025 03:59 PM

මහින්ද කියන්නේ රටේ ආර්ථිකය, දේශපාලනය, ආගම කියන තුනම විනාශ කරපු බලලෝභී, මැර දේශපාලුවෙක්, මුකුත් ඕනේ නැහැ අරගලයෙන් පස්සේ කජු සීයාව ලොකු පුටුවේ ඉන්දුවේම රටේ මිනිසුන්ට සීයා ලවා ගස්සවන්න. ආරක්ෂාවක් ඕනේ නම් අර පැනලා ගිහින් හැන්ගිලා හිටපු නාවික කඳවුරේම බෝඩිමක් හදලා දෙන්න. රටේ සම්පත් තවත් නාස්ති කරන්න දෙන්න එපා...

:       145       80

Kanchana Sunday, 02 February 2025 04:29 PM

සමහර අදහස් දුටු විට සිංහල ජාතිය කෙතරම් කුහක කලගුණ නොදන්නා පිරිසක් ද කියා සිතේ. උතුරේ ජනතාවට කෙතරම් විනාශයක් කළත් ද්‍රවිඩ ජාතිකයින් ප්‍රභාකරන් ගැන වෛරයකින් කටයුතු කරනු දැක නැත...!

:       43       122

පාඨකයෙක්Sunday, 02 February 2025 05:35 PM

කලගුණ දන්නා අය හරක් මස් කන්නේ නැහැ කියලා... ඉස්සර වැඩිහිටියෝ කිව්වේ හේතුවක් ඇතිව..!

:       16       140

ගමේ එකාලා Sunday, 02 February 2025 04:47 PM

මහින්දයා කියන්නේ බලලෝභී, බඩගෝස්තරවාදී සටකපටකම්වලින් පිරුණු බලතණ්හාවෙන් ඉහවහා ගිය දූෂිත නායකයෙක්. කියපු, කරපුවා ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. හරි නම් සදහටම හිරගෙදර ඉන්න ඕන කෙනෙක්.

:       118       78

ජයනාත් Sunday, 02 February 2025 05:09 PM

මතකද..? තමනුත් මන්ත්‍රී කාලේ ඉස්සරහට පස්සට පොලිස් ගාඩ් දාගෙන පාරේ ගියපු හැටි... ගැරඬි මරලා පව් කරගන්න කට්ටිය නැහැ කියලා හිතුනේ නැතිද ඒ කාලේ..?

:       78       49

C.K.Lankaputhra Sunday, 02 February 2025 05:29 PM

ජනාධිපති වුණත් මරණයේ තීරණය සිදුවන්නේ කර්මය සහ විපාකය අනුවයි. කරපුවාගේ තරම බලනකොට වැඩිය හිතන්න වුවමනා නැහැ. මරන්න දෙයක් දැන් එයාගේ ඉතුරුවෙලා නැහැ...

:       86       43

රනේ Sunday, 02 February 2025 05:32 PM

හොඳ කරපුවා ග්‍රෑම් 100 යි. නරක වැඩ ටොන් 100. එතැනයි ප්‍රශ්නය...!

:       77       52

m. saman perera Sunday, 02 February 2025 06:34 PM

ආරක්ෂාව ඕනේ නැහැ ගෙදරට වෙලා හිටියා නම්... ඇති දැන්වත් තණ්හාව අතහැරලා...

:       63       31

කිරූ Sunday, 02 February 2025 06:38 PM

රට ගැන හිතපු නැති රට වලපල්ලට ඇද දැමූ කෙනෙක් රටේ හිටපු ජනාධිපතිගේ ආරක්ෂාව ගැන කථා කරනවා..

:       57       36

Chathuri Sunday, 02 February 2025 06:44 PM

අපේ ජනාධිපති කියලා කාටද කියන්න පුළුවන්... ඒ නමේ හැටියටද වැඩකෙරුවේ? ඔවුන් වැඩ කෙරුවේ කුඩු මුදලාලිලා තමන්ගේ පවුල ගැන හිතන්නේ කොහොමද ඒ වගේ අය විතරයි හොඳින් ඉන්න ඕනෑ. ඔවුන්ගේ අය කුඩු, ගන්ජා මේ කිසිවක් ගන්නෙ නැහැ. ඒ විදියම තමයි ඔය නඩේ ලොක්කෝ කෙරුවේ තමන්ගේ බුෆ්හලේ වගේ හිස් අතින් ඇවිත් යන්නේ කෝටි ගාණක දේපල මුදල් අරන් ඒ සේරමත් කරලා නාකින්ට නොමිලේ ඉන්න බන්ගලා, සිකුරිටි ඒවත් දෙන්න ඕනෑ ජනතාවට පිස්සු නැහැ. ඒවා දෙන්න ඕනෑ... ඉන්දියාවේ මෝදී චීනේ මේ වගේ අයට ඒ අය තමයි නියම ජනාධිපතිවරු උදේ, සවස වඳින්න ඕනෑ තමන්ගේ රට ලෝකේ වැජඹෙනවා. අපේ රට හිඟාකනවා.

:       63       29

පාඨකයෙක්Monday, 03 February 2025 10:59 AM

ඔබ ලියා ඇති අන්දමට "ඉන්දියාව වැජඹීමටත්, අපගේ රට හිඟා කෑමටත්" හේතු වූ ප්‍රධාන හේතු කිහිපයකි. ඉන් ප්‍රධානතම හේතුව නම්, ඉන්දියානු වැසියන් මෙරට බහුතරයක් මෙන් උදාසීන අය නොවීමයි. ඉන්දියානුවන් 'මැරීගෙන" වැඩ කරන බවට ලොව සුපතලයි. ලක්වැසියන් මෙන් අවශ්‍ය පමණටත් වඩා ආහාර ගෙන, නියමිත කලටත් පෙර සේවා ස්ථානයෙන් පිටවන, දින දර්ශකයේ තිබෙන නිවාඩුවලට අමතරව තවත් ලබාගත හැකි නිවාඩු පිළිබඳව විපරම් කරමින් කල් 'මරණ" ජනතාවක් නොවේ. තවද ජනගහනය අතින්ද ලොව වැඩිම ජනගහණයක් සිටින, එයින්ද බහුතරයක් තරුණ අය සිටිනා රටකි. ඔබ කියනා තරමටම අගමැති මෝඩි ඉන්දියාවේ ජනප්‍රිය නැත. එරට අයගෙන් විමසා බැලුවහොත් ඔබට ඒ පිළිබඳ හේතු දැනගත හැකි වනු ඇත. තවද ත්‍රස්තවාදී කල්ලිවලට පුහුණුව සහ අවි ආයුධ ලබා දී, මෙරට උඩු යටිකුරු කළ 30 අවුරුදු යුද්ධයකට ගෙන ගියේද ඉන්දියාව බව දන්නේ නැද්ද? ඔවුන් එසේ කළේ අප රටේ බටහිර හිතෛෂී සංවර්ධනය නැවැත්වීමටයි. 1983 දී ඉන්දියාවේ තිබුණේ එක් රූපවාහිනී නාලිකාවකි. එය ද විකාශය වූයේ මෙරට මෙන් වර්ණයෙන් නොවේ. තමිල්නාඩු වැසියන් ලංකාව හඳුන්වන්නේ සුරපුරයක් ලෙසයි. රට දියුණු කිරීමට නම් අප සැවොම අපක්ෂපාතීව වෙහෙස වී වැඩකළ යුතුයි...

:       0       5

dawunda nihal Sunday, 02 February 2025 06:47 PM

දෙන්න තියන දඬුවම දූපතෙන් තුරන් කිරීමයි.

:       60       27

Nandalal de Silva - France Monday, 03 February 2025 12:23 AM

ජනතාවගේ බදු මුදලින් පරපුටු වන් ලෙස සුඛෝපභෝගී ජීවිත ගතකරන, අතලොස්සක් හිටපු ජනාධිපති වරුන්ගෙ අසීමිත බලතල කප්පාදු කරන බව මැතිවරණ වෙදිකා වලදී ජනතාවට ප්‍රතිඤාදී, ඒවාට දැවැන්ත ජනබලයක් ලැබී, ඒවා ක්‍රියාත්මක කිරීමට සූදානම්ව සිටින ඒකේඩි පාලනයට එරෙහිව යුධ ප්‍රකාශ කරන්නට හොට්ටුව තටම තටමා, අමුඩ ගසමින් සිටින බව පැහැදිලිවම පෙනෙනවා !!!

:       3       8

Perera Monday, 03 February 2025 06:59 AM

තිස් වසරක යුද්ධයේ දී යුද හමුදාවට නායකත්වය දී සතුරන් පරාජය කළ සරත් ෆොන්සේකා සේනාධිපතිගේ සියලු ආරක්ෂාවන් අයින් කරලා බල්ලෙක් වගේ සළකලා හිර කූඩුවට දැම්මේ මහින්ද බව බොහෝ බූරුවන්ට අමතකයි...

:       2       13

පොඩිඑකා Monday, 03 February 2025 07:49 AM

ස්වාභාවික මරණයෙන් ගලවා ගැනීමට ක්‍රමයක් මෙතෙක් සොයාගෙන නැත!

:       11       11

ලක්විදු Monday, 03 February 2025 07:51 AM

අපෝ නැහැ, අපි ඒ ගැන බරට හිතනවා!

:       13       9

Rata Perata Monday, 03 February 2025 01:02 PM

වෙන මොනවත් ඕන නෑ. සුනාමි, අවතැන් ජනතාවට ලැබුණු ලක්ෂ 75ක් තමන්ගේ ගිණුමට දාගත්තු කෙනෙක්ට මොන ආරක්ෂාවක්ද?

:       2       5

විපරමා Monday, 03 February 2025 03:21 PM

හිටපු ජනපතිලගේ ආරක්ෂාව ගැන අපි බරටම හිතනවා.ඒ අතරින් දූෂිත පවුල් පාලනේ උන් කරලා තියෙන මහාපරිමාණ හොරකම් වංචා දූෂණ ඝාතන වල හැටියට හොද ආරක්ෂාවක් තියෙන්නේ හිරගෙදර .

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site