
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂක නිලධාරීන්ගේ සංඛ්‍යාව හැටකට අඩු කරනු ලැබ ඇත.
හිටපු ජනාධිපති වරුන්ගේ ආරක්ෂක තත්ත්ව වාර්තා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව වැඩ බලන පොලිස්පතිවරයා මෙම පියවර ගෙන ඇත.
මේ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීහු 116 දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවනු ලැබ සිටිති.
පොලිස් කොට්ඨාස 38කට මාරුකර යවා ඇති මෙම පිරිසට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හත් දෙනෙක් සහ පොලිස් පරීක්ෂකවරු සිව් දෙනෙක්ද ඇතුළත් වෙති.
මෙම පිරිස විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය අංක 5 යටතේ මෙතෙක් අනුයුක්ත කරනු ලැබ සිටියහ.
විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය අංක 5 යනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබූ ආරක්ෂාවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව සැපයූ ආරක්ෂක රථ තුනක්ද මෙයට පෙර ඉවත් කෙරිණ.
මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය අංශයෙන් කළ විමසුමකදී එහි නිලධාරියකු පැවසුවේ හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සැපයූ පොලිස් නිලධාරීන් 116 දෙනකු සේවා අවශ්‍යතා සැලකිල්ලට ගෙන මෙසේ ඉවත් කළ බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් හැට හත් දෙනෙකු රඳවා සෙසු පිරිස මෙසේ මාරුකර යැවූ බවද ඔහු සඳහන් කළේය.
මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරක්ෂකයන් සංඛ්‍යාව පනස් එකකටද හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂකයන් සංඛ්‍යාව පනස් අටකටද සීමා කරනු ලැබ ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයන් සංඛ්‍යාවද ඉදිරියේදී අඩු කෙරෙනු ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට දීපු පොරොන්දු කෙසේ වෙතත් ඩයස්‌පෝරාවට දීපු පොරොන්දු නම් අකුරටම ඉෂ්ට කරනවා
රට තුළ උද්ධමනය හෝ ත්‍රස්තවාදී අනතුරක් නොමැති නම් මේ සා ආරක්ෂාවක් විශ්‍රාම සුවයෙන් නිවාස වලට වෙලා ඉන්න අයට මොකටද? මහජනයාට කිසිම ආරක්ෂාවක් නෑ
දේශපාලනිකව නොසිතා කොට් ත්‍රස්තවාදය පරාජය කළ මහින්ද මහතාගේ ආරක්ෂාව ගැන විශේෂයෙන් සැළකිලිමත් විය යුතු යැයි සිතමි. එය සමස්ත රටේම වගකීමකි.
මම හිතන්නේ නම් විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට උපරිම ආරක්‍ෂාවක් දිය යුතුය යන්නයි. හිටපු ත්‍රස්තවාදීන් අතරේ තවමත් පරණ අදහස් විශ්වාස කරන උන් ඉන්න පුළුවන්. ඉතින් අනවශ්‍ය ගැටලුවක් ඇති කරගන්නේ නැතිව ආරක්‍ෂාව දිය යුතුයි. රජයේ වියදම් කප්පාදු කරන්න මීට වඩා ඵලදායක ක්‍රම තියෙනවා.
හිටපු ජනාධිපතිවරුන්ට මෙතරම් ආරක්ෂාවක් මොකටද? ඕනෑම රටක ත්‍රස්තවාදි කල්ලියක් විසින් ඝාතනය කරනු ලබන්නේ බලයේ ඉන්න තැනැත්තාව පමණි. විශ්‍රාම ගියාට පසු ඔහු සාමාන්‍ය මනුෂ්‍යෙයකි. එම නිසා ත්‍රස්තවාදින්ට එවැනි පුද්ගලයින්ව ඝාතනය කිරීමෙන් ඵලක් නැත. ඔසාමා බින්ලාඩන්ව ඝාතනය කළ ඔපාමා ද විශ්‍රාම ගිය පසු නිදහසේ ජීවත් වේ. ඇමරිකාවේද එවැනි ආරක්ෂක නිලධාරින් සංඛයාවක් දෙන්නේ නැහැ. මේවා මහජන මුදල්. නිකරුනේ නාස්ති කරන්න දෙන්න බැහැ.
තමන් කරපු අපරාධ වලට විනාශ වලට බයේ මිස කොටින්ගෙන් ආරක්ෂාව ඕන නැතිව ඇති නේද මේ වනවිට?
ඔය සුනාමි ආධාරවලට විදපු මිනිහාට ආරක්ෂාව දෙනවා නම් සක්කරයාව උඩ යද්දි හිටපු සියලු දෙනාටත් ආරක්ෂාව දිය යුතුයි නේද?