
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු කතානායකවරයා වාහන නවයක් පාවිච්චි කර ඇති බවත් එම වාහන නවයේ ඉන්ධන වියදම වශයෙන් පසුගිය වසරේ මාස නවයේදී තුන්කෝටි තිස් ලක්ෂයක් වැයකර ඇති බවත් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
හිටපු නියෝජ්‍ය කතානායකවරයාද වාහන හයක් පාවිච්චි කළ බවත් ඒවායේ තෙල් බිල ලක්ෂ එකසිය තිස් පහක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
හිටපු කතානායකවරුන් නියෝජ්‍ය කතානායකවරුන් කෑම ටික සහ කෑම අමුද්‍රව්‍ය ටික පවා හොරට බිල් දමා ගෙදර අරන් ගිය බව පැවසූ රත්නායක මහතා ඔබලා ළඟ සිටින්නේ එවැනි “තර්ඩ් ක්ලාස්” පුද්ගලයන් බවද ප්‍රකාශ කළේය.
වර්තමාන කතානායකවරයාගේ පසුගිය මාසයේ වියදම රුපියල් තිස්දහසක් බවද ඔහු කීවේය.
සභානායකවරයා මෙසේ පැවසුවේ ජනාධිපති අගමැති උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් ඇතුළු ආයතන සහ පුද්ගලයන්ගේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු කට්ටිය කරපු දේවල් විතරයි ආපු දවසේ ඉඳන් කියවන්නේ. මෙලෝ දැනුමක් නැති ගං කබරයෝ ටික, ටයි කෝට් ගහගත්තාට 2/3 තිබිලත් කියපු මෙලෝ දෙයක් කරගන්න බෑ...!
මේ කට්ටිය දැන් නැන්දම්මගේ තත්වෙටම ඇවිල්ලා. සතියට සැරයක් මොනවා හරි සාධාරණයක් දාලා ගැලරිය චූන් කරනවා. ඕක ගලවලා චීත්තයක් ඇඳගන්න. අප්පුවාටම ගැලපෙනවා.
ඒක තමයි, උන්නැහේ තාම අර සහතිකේ සභාගත කලෙත් නැහැ. මාර මනුස්සයෙක් තමයි වැදගත් රටක නම් මන්ත්‍රීකමෙනුත් ඉල්ලා අස් වෙනවා. එත් ඉතින් අපේ සහෝදර උතුමා ඉල්ලා අස් වෙන එක නිකම් මදිකමක් වගේ නේ ඇමතිතුමෝ
මාස 9, මාසෙට දින 30යි, දවසට පැය 24යි, පැයකට විනාඩි 30යි, සාමාන්‍ය මිනිසකු විනාඩියට හුස්ම ගන්නා වාර ගණන 12යි. ඒ අනුව බලන කළ මෙයාගෙ පැට්‍රල් පිච්චිල්ල, මාස 9ට රු. 33000000/-, මාසෙකට රු. 3666666/-, දවසකට රු.122222/- (දවසකට එක් ලක්ෂ විසි දෙදාස් දෙසිය විසි දෙකයි), පැයකට රු. 5092/-, විනාඩියකට රු. 84.87, එක හුස්මකට රු. 7.07යි. මට නිකං ක්ලාන්තෙ වගේ….!
යකෝ, මේකගේ ගෙදර තියෙන්නේ අගහරු ලෝකෙද?
මමනං හිතන්නේ මිනිහා දිවා රෑ පාර්ලිමේන්තුව වටේ පරිභ්‍රමණය වෙවී තමයි ඉදලා තියෙන්නේ.
හලෝ පුළුවන් නම් ඕවා පාර්ලිමේන්තුවෙන් පිටතදී කියන්න පාළු ගෙයි වළං බිඳින්නේ නැතුව...
මම හිතන විදියට ඔතන ඔහුගේ කාර්යමණ්ඩලේ වෙනුවෙන් වෙන් කරපු වාහනත් ඇතුලත්. මට එක වාහනයක් ඇති කියාගෙන ආපු මේ ආණ්ඩුවේ නායකයෝත් දැන් යන්නෙ අති සුඛෝපභෝගී වාහන පිරිවරා ගෙන. අවුරුදු 14 ක් තිස්සේ විශ්‍රාම වැටුප් ගත්තා එක සැරයක් පාර්ලිමේන්තු ගිහින්. ඒවත් එක්ක ගණන් හදමු. බලන් ගියාම පාර්ලිමේන්තුව සහ ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යාම ලාභදායි නෑ. එහෙනම් පරණ ක්‍රමවලට යමු.
මුන්ගේ මුදල් අවභාවිතය හෙලි කලාට මදි. ඒවා අය කර ගැනීමටත්, එසේ අවභාවිත කිරීමට එරෙහිව නීතිමය පියවර ගැනීමත් නොකරන්නේ නම් මේවා හෙළි කිරීමෙන් ඵලක් නැත.
ඔය විපක්ෂයේ විශේෂයෙන්ම සජබ සහ පොහොට්ටුවේ අතිමහත් බහුතරයක් තර්ඩ් ක්ලාස් නොවෙයි ඊටත් පහළ පාතාලයෝ, එහෙම නැත්නම් කුඩු කසිප්පු හා ගණිකාවන් බිස්නස් කරන මැර කල්ලී උන් මෙදා සැරෙත් පාර්ලිමේන්තුවට ආව එක තමයි රටේ අවාසනාව වුනේ.
එම නිසා තමයි ජනතාව ඔබතුමන්ලාව පත් කර ගත්තේ. දැන් ඉතින් ආඩපාලි කියා කියා ඉන්නේ නැතුව වැඩ කරන්න. අහවල්ලු මෙච්චර වියදම් කළා... අච්චර වියදම් කළා කියමින් ජන මනස ඔබතුමන්ලාගේ නොහැකියාවෙන් ඉවත් කර ගැනීමට. එසේම අපට ඊටවත් වැඩ සැක සංකා ඇතිවන්නේ ඔබගේ අගමැතිනිය එක්තරා කුප්‍රකට, පූජකයකු ද සමග එකතුව අපගේ දරුවන්ගේ අධ්‍යාපනයට බලපෑම් කිරීමට යාම ගැනයි. රජයේ පාලි හා බොදු සරසවියට බුදු දහමට විරෝධී හිටපු කරලිකාරයෙක් සහ අමුතු දහමක් දෙසන උන්නාන්සේ කෙනෙක් ඇතුළුව තවත් බොදු නොවන ද්‍රවිඩ ජාතිකයකු ඇතුළත් කිරීමයි. පරණ ආණ්ඩුවල "වියදම්" පෙන්වා මෙවැනි භයානක ප්‍රශ්නවලින් ජන මනස ඉවත් කර ගැනීමට මාන බැලීමක් ද මේ සභා නායක රත්නායක ඇමැති කරන්නට උත්සාහ කරන්නේ? ඔබ එංගලන්තේ බීබීසිය සමග කැඩිච්ච ඉංගිරිසියෙන් ලංකාව බොදු රටක් නොවන බවට කයිවාරු ගැසූ හැටිත් රටට මතකයි.
මේ වියදම් හෙලි කරන එකට රිදෙන අයට කියන්නේ. මේවා ජනතාවගේ බදු මුදල්, මේ විදියට එකතු වෙලා තමයි රටට බරක් වුනේ. රජයේ සල්ලි තියෙන්නෙ රටේ ජනතාවගේ අභිවෘද්දිය වෙනුවෙන් වියදම් කරන්න.
කථානායක නිල නිවස තියෙන්නේ පාර්ලිමේන්තුවට අල්ලපු වැටේ, පයින් යන දුරකින්. එච්චර පොඩි දුරකට වාහන නවයකුයි, කෝටි ගණනක ඉන්ධන බිලකුයි? මේ ඔක්කෝම හොරකම, වංචාව, දූෂණය. ඒවාට සුදු හුණු ගගා රටේ අතළොස්සක් මෙතැන වැළලෙන ගමන්, රට කාපු හැත්තට තාමත් රෙදි නැතිව කඩේ යනවා.
කාලකණ්ණි...
ඉතින් යකෝ පරීක්ෂණයක් පවත්වලා හොරකමක් කරලා තියෙනවා නම් හිරේ දාපංකෝ. කන් කෙඳිරි ගගා ඉන්නේ නැතුව.
වංචා දූෂණ ගැන විස්තර කරාම සමහරු ගොට්ට අල්ලාගෙන සිටිය අයට මාර විදිහට අවුල් වෙනවා. එහෙම අයටත් ඔය බත් පාර්සලයක් වගේ දෙයක් දෙන්න ඇති. මට මතක් වෙනවා බේරේ වැව. හරිම විනෝදයි.
කේළම් කිකියා හිටපල්ලා. ගැලරිය චූන් උනහම රට දියුණු වෙයි.