(අංජුල මහික වීරරත්න)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් තමාට ලබා දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වගකිවයුතු සියලු නිලධාරීන්ට අද (12) උපදෙස් දුන්නේය.

මීට පසු විශ්ව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මෙවැනි සිද්ධි වලට මුහුණ දීමට ඉඩ නොතැබිය යුතු බවද ජනාධිපතිවරයා ආරක්ෂක ප්‍රධානීන්ට පවසා තිබේ.

අදාල පහර දීමේ සිද්ධිය සම්බන්ධ සම්පූර්ණ වාර්තාව ලැබුණු ඒ පිළිබඳව ගන්නා ඉදිරි පියවර තීරණය  කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පහර කෑමට ලක්වූ බව කියන එම විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වන භූ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සහ ඔහුගේ පුතකු වන විදුර සේනාරත්න මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.