IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හිටපු ඇමති මනූෂ ප්‍රකාශයක් දී නැහැ-සී.අයි.ඩිය කියයි

(රෝෂන් තුෂාර)

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතත් මේ වෙන තෙක් ප්‍රකාශයක් ලබාදී නොමැති බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කරුණු දක්වමින් අද (20) පැවසීය.

වීසා ගැටලුවක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම් හා ජාවාරම් කිරීමේ ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කළ බවත්, එම විමර්ශනයේ ලේඛන කීපයක් සම්බන්ධයෙන් ස්ථාවරය දැන ගැනීම සඳහා ප්‍රකාශයක් ලබාදීමට නානායක්කාර මහතා දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවත්,ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් කේ සේනාරත්න මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසීය.

සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සඳහන් කළ ස්ථානාධිපතිවරයා, නානායක්කාර මහතා එම සිද්ධියට අදාළව මෙතෙක් සැකකරුවකු ලෙස නම් කට නොමැති බවත් දන්වා සිටියේය.

අත් අඩංගුවට පත්වුවහොත් පූර්ව ඇපයක් ලබා ගැනීම සඳහා නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කර ඇති අප අයදුම්පත කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය මෙම කරුණු ඉදිරිපත් කළේය.

 



අදහස් (0)

හිටපු ඇමති මනූෂ ප්‍රකාශයක් දී නැහැ-සී.අයි.ඩිය කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1071 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site