(ගයාන් සූරියආරච්චි)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කවැල්ල මහතාගේ වැඩමල් දියණිය අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

මුදල් විශුද්ධකරණ චෝදනා මත ඇය අත්අඩංගුවට ගෙන ඇති බවද එම කොමිසම කීය.

අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදුකරයි.