(සුජිත් හේවාජුලිගේ)
හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය පවසයි.
සිය ප්‍රවාහන අවශ්‍යතා සඳහා මෙම ඇමතිවරුන් වෙනුවෙන් වෙන්කරනු ලැබ තිබූ ගුවන් ගමන් වාර සංඛ්‍යාව 66කි.
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ගුවන් ගමන් වාර දහයක්ද හිටපු අමාත්‍ය දයාගමගේ මහතා ගුවන් ගමන් වාරයක්ද හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ගුවන් ගමන් වාර තුනක්ද හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ගුවන් ගමන් වාර හයක්ද හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගුවන් ගමන් වාරයක්ද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගුවන් ගමන් වාර තුනක්ද හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ගුවන් ගමන් වාර තුනක්ද හිටපු අමාත්‍ය අමාත්‍ය එම්.එච්.එම් හලීම් මහතා ගුවන් ගමන් වාරයක්ද හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ගුවන් ගමන් වාරයක්ද හිටපු අමාත්‍ය අජිත් නිවාඩ් කබ්බාල් මහතා ගුවන් ගමන් වාර දෙකක්ද හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගුවන් ගමන් වාරයක්ද හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් පනාන්දු මහතා ගුවන් ගමන් වාරයක්ද හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගුවන් ගමන් වාර හයක්ද හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ගුවන් ගමන් වාර විසිපහක්ද හිටපු අමාත්‍ය අලිසබ්‍රි මහතා ගුවන් ගමන් වාර දෙකක්ද වශයෙන් ගුවන් ගමන් වාර හැට හයක් මෙසේ යොදාගෙන තිබූ ගුවන් හමුදාව ප්‍රකාශ කරයි.
මෙම ඇමතිවරුන් සිය ප්‍රවාහන අවශ්‍යතා සඳහා මෙලෙස ගුවන් හමුදාවේ ගුවන් යානා මෙලෙස යොදාගෙන තිබුණේ 2019 වසරේ සිට 2020 දක්වා කාලයේදීය.
මෙම ගුවන් ගමන් බොහොමයකට මුදල් වැය කර ඇතැයි පැවසෙන්නේ රජයෙනි
මෙම තොරතුරු සඳහන් වන්නේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ යටතේ කරන ලද ඉල්ලීමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයෙන් ලැබුණු පිළිතුරු වාර්තාවකය.
මේ අතර 2019 වසරෙන් පසු ගුවන් හමුදාවට වයි 12 ගුවන් යානා දෙකක් මිලදී ගෙන තිබූ බව ගුවන් හමුදා මූලස්ථානය පවසයි.
මේ අතර රාජ්‍ය ආයතන දහයක් ශ්‍රීලංකා ගුවන් හමුදාවෙන් ලබා ගත් ගුවන් සේවා සඳහා අයවිය යුතු රුපියල් ලක්ෂ 90ක මුදලක් අයකර ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයිද පාර්ලිමේන්තුවේදී තොරතුරු අනාවරණයවිය.
එම ආයතන 2003 වසරේ සිට එම සේවාවන් ලබාගෙන තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රොත්තම, මෙපමණ වාර ගණනක් වසර දෙකකදී උඩින් ගියාට, රටත් බංකළොත්, ජනතාවට කඩමන්ඩියට, රෝහලකට යන්න, පාසල් ළමුන්ට පාසලට යන්න බස් එක්කවත් නැති ගම් පළාත් රටේ බොහෝමයි.
උස කව්ද? මිටි කවුද? කියලා බලලා කම්කරු සිකුරිටි ජොබ් දෙන්න සජියා උඩින් ගිහිල්ලා තියෙන්නෙ.. මේ අයව තියන්න නෙමේ වටින්නේ.. හැතිකරේ...
එක අවුරුද්දකට මෙහෙම නම් බලනු විසිහතර වැඩිකිරීම හැටහය යොදලා. ඔබට තේරුණාද මුන් රට කෑ හැටි මේ කියලා. ටැක්ස් ගෙව්වේ ආණ්ඩුවට සෙත වෙයි කියලා. හොරු ටික පැනගෙන කෑවේ අත දිගහැරලා.
රට හදන්ට තියෙන හිදිස්සියටනේ ඔහොම ගුවනින් ගිහින් තියෙන්නේ. පව් අප්පා...!
අනේ කන්ටේනර් දෙවියනේ අඩුම එක්කෙනෙක්ටවත් සලකන්න බැරි වුනේ අපෙන් ඔබට අඩුපාඩුවක් වත් වෙලාද...?
මේ ටික උඩින් යද්දී, මොවුන්ට ආවඩන බත්කන අය තාමත් පයින් ගාටනවා.
එක් වරක් සජිත් දයා ගමගේගෙ හෙලිකොප්ටර් එකක ගිහිල්ලා ලොකු ප්‍රසිද්ධියක් දුන්නා. රජයේ මුදල් අවභාවිතා කරන්නේ නෑ කියලා. මෙතන 25ක්...
ඉස්කෝල වලට බස් දිදී පුතානෝ උඩිං ගිහිං...
නාමල් මැදමූලන වලව්වට පහසුවෙන් ගෙන්වා ගන්න නාකි මයිනා අටවා ගත්තා, හම්බන්තොට, ගුවන් යානා නොඑන ගුවන් තොටුපළට අවම වශයෙන් පිනට උඩගිය ගුවන් යානා ටිකවත් ආවා ගියා කියලාවත් මහින්ද සීයාට "සැප" ඇති!!!
ජෝන් අමරතුංග 2019දී?
එයාලා උඩිං ගිහිං, අපිට උඩ යන්න දුන්නා...!
උඩින් ගිය පුතාණෝට, වැඩ වසනා සියලු බූතයින්ගේ පිහිට ලැබේවා...!
උඩින් යටින් ගිය ඒවා ඔය ... ඉන්නේ නැතිව දැන් වැඩක් කරපල්ලා...