( පුෂ්පකුමාර ජයරත්න )
නවාතැන් සඳහා කාමර කුලියට දෙන මුවාවෙන් විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකු විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා වෘත්තියෙහි නිරතව සිටි තරුණියන් හය දෙනෙකු සමඟ පුද්ගලයන් සිවු දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි.
නවාතැන් පොළක් මුවාවෙන් මෙම ගණිකා නිවාසය කුරුණෑගල නුවර මාර්ගයෙ ගැට්ටුවාන මංසන්ධිය ආසන්නයේ පවත්වාගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.
සැකකාරියන් රැඳී සිටි කාමරයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය ස්වල්පයක් සමඟ ගංජා ස්වල්පයක්ද සොයා ගැනීමට හැකිවූ බවද පොලීසිය පවසයි.
ගණිකා වෘත්තියේ නිරතවූ තරුණියන් මෙම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු විසින් පවත්වාගෙන යාම හේතුවෙන් මෙම ස්ථානය කිසිවෙකුගේ සැකයට බඳුන්වී නැතත් කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කොබ්බෑවල මහතාට ලද තොරතුරකට අනුව මෙම ස්ථානය වටලා ඇත.
ගණිකා වෘත්තීයේ නිරතව සිටි තරුණියන් මෙම ස්ථානයේ සිට ඇත්තේ නවාතැන් පොලෙහි සේවය කරන පිරිසක් ලෙස වන අතර උපාය දූතයෙකු යොදවා මෙම ස්ථානය වැටලීමට පොලීසිය පියවර ගෙන ඇත.
අත්අඩංගුවට ගත් තරුණියන් වයස අවුරුදු 19 ත් 29 ත් අතර වයසෙහි පසුවන මොනරාගල , අනුරාධපුර , කොළඹ , බත්තරමුල්ල පදිංචිකරුවන් බවද කියයි. රුපියල් හය දහසක මුදලක් ගෙවා මොවුන්ගේ පහස ලබාගත හැකිව තිබූ බවද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන සිටින විශ්‍රාමික පොලිස් නිලධාරියා වැල්ලව පදිංචිකරුවෙකි. ඔහු සමඟ එම ස්ථානයේ රැඳී සිටි තරුණයන් තිදෙනෙකුද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හිටපු අයි.පීගේ ගණිකා නිවාසය වටලයි
Nilmini Thursday, 04 May 2023 04:05 PM
කිදෙනෙක්ට රස්සා අහිමි කරලා ද මේ අමාරු කාලේ . මේවා අල්ලන එක මෝඩ වැඩ
Piyal weerasinghe Thursday, 04 May 2023 06:41 PM
මෙච්චර කරදරයක් වෙන්න ඕනේ නැහැනේ ගණිකා වෘත්තිය නීතිගත කළා නම්. මේ රටේ නීතියට පිටින් මොනතරම් දෙවල් සිදුවෙනවාද?
CHAMINDA VARESE Thursday, 04 May 2023 06:54 PM
නිල්මිණීට ඔයතරම් දුකනම් මේවා නීතිගත කරන්න ඉදිරිපත් වෙන්න..
PJ Friday, 05 May 2023 04:26 AM
පොලිසිය කියන්නෙ පොලිසියේ අයටමත් කෙළින්න අවස්ථාවක් බල බලා ඉන්න ආයතනයක්. උදාහරණ එමටයි.විශ්‍රාම ගියත් පස්සෙන් එනව. දැන් ඒ ගැහැනුන් ගෙ අසරණ පවුල් වලට කන්න අඳින්න දෙන්නෙ පොලිසියෙන් ද ?
W.a.s. peiries Friday, 05 May 2023 07:15 AM
රස්සාවක් නැත්තනම් වෙන මොනවා කරන්නද?
A.M sanjeewa lakmal aththanayaka Saturday, 06 May 2023 12:32 AM
මොනරාගල එක්කෙනාගේ නම්බර් එක දෙන්නකෝ... මම එයාව බාරගන්නම්... 27ට අඩුනම්, මම ඩිවෝස් කෙනෙක්...!
කග කරැනාතිලක Sunday, 07 May 2023 06:13 AM
පුත්තලම දිස්ත්‍රික්කය තුළද එහෙම තැන් තිබෙනවා...