
(රංජිත් රාජපක්ෂ)
සංයුතිය සහිත කිලෝ 12.5 කින් යුත් ගැස් සිලින්ඩරයක් රු 3500කට අලෙවි කිරිමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව හැටන් නගරයේ ගැස් පාරිභෝගිකයෝ චෝදනා කරති.
ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් වෙත සමාගම විසින් නිකුත් කරනු ලබන ගැස් සිලින්ඩර අලෙවි නියෝජිත වෙළදසලේ ගබඩා නොකර ඇතැම් අලෙවි නියෝජිතයන් තම නිවාසවල ගබඩා ගෙන ත්‍රිරෝද රථකරුවන් එක්ව මෙම ජාවාරම සිදු කරන බවයි පාරිභෝගිකයෝ කියා සිටිති.
නව සංයුතිය සටහන් කරන ලද ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් රු 2765 මිලකට අලෙවි කිරිමට තිබියදි හැටන් ප්‍රදේශයේ ඇතැම් ගැස් අලෙවි නියෝජිතයන් ඔහුන්ට හිතවත් ත්‍රිරෝද රියදුරන් කිහිප දෙනකු හරහා ඇණවුම ලබාගෙන එම ත්‍රිරෝද රථයේම ගැස් සිලින්ඩරය නිවසටම ප්‍රවාහනය කර ගැස් සිලින්ඩරය සදහා රු 3500 ක් සහ ත්‍රිරෝද රථ කුලිය වෙනම අය කරන බව ද භාරිභෝගිකයෝ පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd