(යොහාන් භාසුර)
ගෘහස්ථ ගෑස් බෙදාහැරීම හෙට (25) දිනයේ ද ක්‍රියාත්මක නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම අද (24) පස්වරුවේ නිවේදනය කළේය. ඒ අනුව බර ප්‍රමාණ තුනේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් නොකරන බව ද එම සමාගම වැඩි දුරටත් කීය.
ගෑස් සැපයුම අත්හිටුවා ඇති බව ලිට්‍රෝ සමාගම නිවේදනය කළ ද ජනතාව තව දුරටත් ගෑස් මිලදී ගැනීමට දිගු පෝලිම්වල රැදී සිටින ආකාරය අද දිනයේ ද දැකගත හැකිවිය.
ලිට්‍රෝ සමාගමෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලබන සතිය දක්වා ගෑස් නිකුත් කිරීම අත්හිටුවා ඇති බවත් තව දුරටත් ගෑස් මිල ඉහළ දැමීමේ සැලැස්මක් ද ඇති බවත්ය.
ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසුවේ පෝලිම්වල රැදී සිටීමෙන් සහ වැඩි මිලට ගෑස් මිලදීගැනීමෙන් අපහසුතාවට පත්නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ පාලනයක් නැද්ද? සමාගමට අවශ්‍ය විදිහට නිවේදන දිදී ඉන්නේ... ජනතාව ඉතා අපහසුතාවයකට පත්වෙනවා නේද? හැම එකකටම සද්ද නැතිව ඉන්න ආණ්ඩුවත් තමයි දැන් තියෙන්නේ..
උදේ හිතවත් ලිට්‍රෝ නියෝජිතයෙක් කිව්වේ, අද දවසේ මිනිස්සුන්ට එන්න එපා කියලා, ගෑස් බෙදීම නැවත්තුවේ මිල වැඩි කරලා ඒ වැඩි මිලට, දැනට ගෙනා තොගයේ ඉතිරිය විකුණන්න කියලා. ගෙනා තොගය දින 6 කට ඇතියි කිව්වා, නමුත් බෙදුවේ දින 3 යි. මිනිස්සුන්ට උයන්න ගෑස් නැතිව පෝලිං වල දුක් විඳින කොට මොන අසික්කිතයෙකුටද පුළුවන් තියන තොගයත් නොවිකුණා ඉන්න? මොන නිවට රජයක්ද මේක...?
මිනිස්සුන්ට කාලගුණය හොඳ නැහැ. ලොරිවලින් අද බානවා.. හෙට බානවා කියමින් රවට්ටන්නේ මොකද?
විජිත් හේරත්ගේ බොරු බයිලා. එක නැවක් අරගෙන නැව් 10ක් ගත්ත වගේ පෙන්නලා ඒක බෙදලා ඉන්නවා. ඊළඟ නැවට ගෙවන්න ඩොලර් ටික හම්බ වෙනකම්...!
මේවගේ ආයතන මොනවා කරන්නද? මිලක් හරියට නියම කරන්න බැහැ. ඒ කළත්, මනුස්සයෙක්ට ගෑස් එකක් ගන්න බැහැ. හැබැයි වැඩි ගාණට විකුණන තැන්වලට ලොරියෙන්ම බෙදනවා. ඒකත් ශෙඩ් එකෙන් ටෝකන් එකක් 1000/-ක් දීලා ගත්තාම ලොරියෙන්ම දෙනවා. 1000/= කාටද යන්නේ...? මොකක්ද මෙ අවලම් වැඩේ. එකක් ගන්න බැහැ මනුස්සයෙකුට, හැබැයි එතන කලුකඩ විදිහට බෙදන්න ගෑස් තියෙනවා. හැමතැනම පොඩි මනුස්සයාව හූරන් කනඑක තමයි කරන්නේ...!