(නිමල කොඩිතුවක්කු)
රාජ්‍ය සේවක වෘත්තීය සමිති හෙට දිනයේ ක්‍රියාත්මක කරන වර්ජනයට සහයෝගය පළ කරමින් සියලුම සේවා වලින් ඉවත් වන බව සමස්ථ ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංගම වෘත්තිය සමිති හතෙන් තුනක් මෙම වර්ජනයට සහාය පළ කරන බවත් ඔහු සඳහන් කළේය.
කිසිදු ගැටලුවකින් තොරව බස් රථ ධාවනයට පියවර ගන්නා බව මේ පිලිබඳ කළ විමසීමකදී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාණ්‍යාධිකාරී(ධාවන) ඒ. එච්. පණ්ඩුක මහතා පැවසීය.
මේ අතර පෞද්ගලක බස් රථ මෙම වර්ජනයට සහාය ලබා නොදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් තම අභිමතය පරිදි බස් රථ ධාවනය කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට බස් රථ හිමියන්ට හැකි බවද ඔහු තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd