(සුජිත් හේවාජුලිගේ )

ජනතාව ගින්නට ඇද දැමූ රාජපක්ෂවරුන් ඇතුළු කණ්ඩායම නැවත වතාවක් කිසිවක් නොවුණු ගාණට ජනතාව ඉදිරියට ගොස් හොටු පෙර පෙර අඬමින් සහ දුක කියමින් අළු මතින් නැගිටීමට උත්සාහ දැරීම මේ යුගයේ ලොකුම විහිළුව බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවසීය.

ලෝකයේ හොඳම ලෝක විහිළුවට හිමිවිය යුතු සම්මානය රාජපක්ෂවරුන්ගේ ඒ උත්සාහයට හිමිවිය යුතු බව පැවසූ මන්ත්‍රීවරයා ජනතාව නැවත වතාවක් මේ බොරු සෙප්පඩ විජ්ජා වලට නොරැවටිය යුතු බවද ප්‍රකාශ කළේය.

අද ඒ අය රැස්වීම් පවත්වන්නේ දූෂණ චෝදනා එල්ල වූ මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වල යැයිද මේ දූෂිත නඩයට නැගිටීමට ජනතාව නැවත වතාවක් ඉඩ නොදෙන බව ස්ථිර යැයිද අලවතුවල මහතා වැඩිදුරටත් පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.