
(සුජිත් ප්‍රසංග)
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සුරියසේන අද දින සිය දිවිසැරිය නිමකළේය. මියයන විට80 වැනි වියෙහි පසුවූ ප්‍රියා සූරියසේන මහතා ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍ර තුළ නොමැකෙන නමක් තැබූ විශිෂ්ටකම ගායන ශිල්පියෙකි.
"සුහද සොහොයුරෝ" චිත්‍රපටයේ ඉතා කුඩා කොටසක පෙනී සිටි ඔහු චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසියේ "හරියනකොට ඔහොම තමයි" චිත්‍රපටයෙනි. "සෙලීනගේ වලව්ව", "මල් කැකුළු", "සිකුරු දසාව" සහ "ඈතිත් ඈතට" වැනි චිත්‍රපට කිහිපයකටම ඔහු ගැයූ ගීත එක් වූ අතර ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි සමග "ඈතින් ඈතට" චිත්‍රපටයට ගැයූ "කැන්ඳන් යන්නම් රන් මල් මාලා දාලා" ගීතය ඔහුගේ ගායන දිවියේ සුවිශේෂි කඩඉමකි.
"ලිහිණින් රෑන පියාසලන්නේ..", "අඳුර අඳුර මගේ", "හෙට දවසේ අප දෙදෙනා. " ආදාරණීය නේරංජනා" "මට වාසනා.", "මගේ ළමැද සුව යහනක්", "රටකින් එහා.", "ඇසුරින් මිදීලා", "ඈත රන් විමන්, "", මගෙ සමරුම් පොතේ", "හිරු ද මුවාවි.", " සුදු පරෙවි රෑන සේ, "සඳ තාරකා හඬාවි",ගෙලවට බැන්දාවු මුතුපොටේ " වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ එතුමා ප්‍රසංග වේදිකාවේ අමතක කළ නොහැකි මතක ඉතිරිකළ විශිෂ්ටතම ගායන ශිල්පියෙකි.
ලක්ෂිත සූරියසේන ,මිනෝෂි සුරියසේන , ඉරෝෂි සූරියසේන දූ දරුවන්ගේ ආදරණීය පියකු වූ ප්‍රියා තම ගායන හැකියාවන් තම දරුවන්ටද උරුම කරදීම සුවිශේෂිය.
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය 25 වැනි දින උදේ 8.30 සිට අංක 154/1 පාසල් මාවත, ගංගොඩවිල, නුගේගොඩ සිය නිවෙසේ තැම්පත්කර තබන අතර 26 වැනිදා සවස 2.00 සිට 5.00 දක්වා ජාතික ගුවන් විදුලි පරිශ්‍රයේ තැබීමෙන් අනතුරුව එදින සවස 6.00 සිට 26 වැනිදින සවස දක්වා දේහය බොරැල්ල ජයරත්න රෙස්පෙක්‍ට් ශාලාවේ තැබෙනු ලැබේ. අවසන් කටයුතු 27 වෙනිදා සවස බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව ලැබේවා
එතුමාට ඉක්මන් භවයකදීම උතුම්වූ අජරාමර නිවන්සැප ලැබේවායි පතමි
ඔබතුමාට සුබ ගමන්
සුබ ගමන් සොදුරු කලාකරුවාණෙනී !
ඔබට නිවන්සුව
අප සිත් අමන්දානන්දයට පත්කල සුමිහිරි කටහඩකින් ගැයූ ඒ ගී ගායනා අදටත් මතු අනාගතයටත් අප සිත්සතන් සනසාලන්නට මොනතරම් වින්දනයක්ද...ඔබට නිවන්සුව පතමි.
අජරාමර නිවන් සුව අත් වේවා හිතවත් කලාකරුවාණනී!
නිහතමානී කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ..!!
පුරා වසර ගණනාවක් රසික සිත් ආදරබර ගීතයෙන් මුසපත් කල සොදුරු ගායකයාණෙනි ඔබට නිවන් සුව.
සුබ ගමන් ඔබට
සූමිහිරි ගීතයෙන් අපව පිනවූ ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !
සුදු පරෙවි රෑන් සුපුරුදු ලෙස පාසැල් නිමාවී මහ මග ඇදෙන නමුත් අද එතැන ඔබ නොමැත… ලොව අසිරිය අපට කියාදුන් ඔබට නිවන් සුව….!
අජරාමර නිවන් සුව අත් වේවා හිතවත් කලාකරුවාණනි...!
“නිවන් සුව” කියන උත්තරීතර වචනය පවා කෙලෙසූ රාජ්ය නායකයන් සිටින රටක ජීවත්වෙන ගමන් ඉතාම කණගාටුවෙන් ඔබතුමාට නිවන්සුව පතමි….!!!
පරම්පරා ගණනාවක් ගීතයෙන් නැලවූ කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව...!
මෙවැනි ලයාන්විත, මධුර මනෝහර හඬකින් ගීත ගායනා කළහැකි ගායකයින් නැවත බිහි නොවනු ඇත. සුන්දර ගායකයාණෙනි. ඔබට සුබ ගමන්...
සොඳුරු ගීත රැසක්, සුවිශේෂී කටහඬකින් ගායනා කරමින් රසික සිත් සනසාලු අපේ කාලයේ තවත් එක සොඳුරු කලාකරුවකුගේ සමුගැනීම. ඔබට නිවන් සුව...!