
(කේ බුද්ධික කුමාරසිරි)
ජනතාව මුහුණ දෙන කෙටිකාලීන ගැටළු කෙරෙහි අවධානය යොමුකරමින් දීර්ඝ කාලීනව රට නගා සිටුවීම පදනම් කරගත් අයවැයක් හෙට (13) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය අද (12) දින අවිස්සාවේල්ලේ දී පැවසීය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය මේ වන විටත් සැකසෙමින් පවතිනවා. එය අද (12) රාත්‍රීයේදී මුද්‍රණය කිරීමට නියමිතයි. කෙටි කාලීන ජනප්‍රියතාවය උදෙසා හෝ මැතිවරණ ඉලක්ක කර ගනිමින් මෙවර අයවැය සකසා නෑ.
ජනාධිපතිවරයා රට භාරගැනීමේදී සඳහන් කළ ආකාරයට දිගු කාලීන ස්ථාවර එමෙන්ම පෙර සේ ආර්ථිකයේ පතුලට නැවත වතාවක් රට නොවැටෙන ආකාරයට කටයුතු කරන බවට කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් මෙවර අයවැය සැකසෙනවා.
සමස්ථ ජනතාව පීඩනයෙන් පසුවන අවස්ථාවක ඒ සඳහා විසඳුම් සෙවීමේ අභියෝගය, දීර්ඝ කාලීනව නැගිටින රටක් බවට රට පත්කිරීමේ අභියෝගය මෙන්ම ඒ සඳහා වියදම් සොයාගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් මෙවර අයවැය සකසා තිබෙනවා. ඒ සියල්ලට වඩා මෙතෙක් කළක් අයවැය හිඟය පියවා ගැනීම සඳහා රජයට හෝ භාණ්ඩාගාරයට තිබූ අසීමිත අයිතිවාසිකම් මේ වන විට රජයට නෑ. සීමිතව ඇති එම අයිතිවාසිකම උපයෝගී කරගනිමින් දේශිය හා විදේශීය වශයෙන් ණය කෙරෙහි අවධානය යොමු කරමින්, අයවැය පරතරය අවම වට්වමක රඳවා ගැනීමේ අභියෝගටද දැඩිව මුහුණ දෙමින් මෙවර අයවැය සකස් කර තිබෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයා ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට 12% ක් ලැබෙන ස්ථාවර පොලියක් ලැබෙන්න සැලසුම් කළ අතර රවී කරුණානායක ඇමැතිවරයා 15% පොලියක් ලැබෙන ක්‍රමයක් සකසා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සහනයක් සලසා දුන්නා කොහොම නමුත් 2023 සිට සියලු ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට දීලා තිබුණු එම සහනය වත්මන් මුදල් ඇමැතිවරයා නැතිකළා ආදායම් බදු සීමාවට ඇතුළත් නොවන අයට ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගොස් අයදුම්පත් කාර්තු පාසා දෙන්න කියලා ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා කියලා අහන්න ලැබුණා.. නමුත් ඒක කරන්න ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට ඇවිද ගන්නත් බැරුව කොහොමද කරන්නේ කියලා තේරුම් ගන්න බැහැ.. ඇත්තටම තාක්ෂණය දියුණුව තිබේ නම් ජ්‍යේෂ්ඨයින් ගන්න ආදායම් බැංකු ගිණුම් අනුව බලන්න පුළුවන් නේද? එහෙම බලා අපිව මැඩවීමක් නොකර අයකර ගත්තු මුදල් ආපසු දෙන්න ක්‍රමයක් හදන්න කියලා ඉල්ලනවා...
ඔය අයවැයේ මොනතරම් සාධනීය ලක්ෂණ තිබුණත් ඕක පුස්සක් කියලා විපක්ෂ නායකයා කියනවා සත්තයි. ඔහු විතරක් නෙවෙයි විමල්, ජවිපෙ, වාසු ඇතුළු අයත් මීට සමාන කතාවක් කියාවි. ඒ විතරක් නෙවෙයි කඩාකප්පල්කාරී කුහක වෘත්තිය සමිති කාරයෝ ටිකත් කියන්නේ ඕකම තමයි.
මොකද ආණ්ඩුව තග දාලාද?