(විමුක්ති එස් රුද්‍රිගු)

ටෙහෙරානයේ ඉස්ලාමික් අසාද් විශ්ව විද්‍යාලයේදී සිය ඇඳුම් ගලවා යට ඇඳුමෙන් ඔබමොබ ගිය තරුණිය මානසික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව ඉරානයේ අනිවාර්ය නීතියක් වන හිජාබය පැළඳීමේ නීතියට පිටුපාන කාන්තාවන්ට මානසික සහ විද්‍යාත්මක ප්‍රතිකාර ලබා දෙන සායනයක් ආරම්භ කිරීමට ඉරාන බලධාරීන් තීරණය කර ඇතැයි පැවැසෙයි.
මෙම සායනයේ ආරම්භය ටෙහෙරානයේ පවුල් සහ කාන්තා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මේරි තලෙබි දරෙස්තානි විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. හිජබය ඉවත් කිරීමට සිතෙන කාන්තාවන්ට අවශ්‍ය මානසික සහ විද්‍යාත්මක ප්‍රතිකාර මෙම සායනයෙන් ලබාදෙනු ඇති බවත් ඒ සඳහා කිසිඳු බල කිරීමක් නොකෙරෙනු ඇති බවත් දරෙස්තානි පවසයි.
හිජාබය ඉවත් කිරීමේ සායනය ලෙස මෙම සායනය නම් කර ඇති අතර දැනටමත් ඉරාන කාන්තාවන්ගෙන් මෙන්ම මනාව හිමිකම් සංවිධානවලින් දැඩි විරෝධයක් මෙම සායනයට එල්ල වී ඇත. හිජාබය ඉවත් කිරීමේ සායනය කාන්තාවන්ට අමානුෂික වධකාගාරයක් වනු ඇතැයි ඔවුන්ගේ මතය වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තවාදී රටවල්.. ඇෆ්ඝනිස්ථාන්වල තලෙයිබාන්ලාට වඩා ලොකුම වෙනසක් නෑ.
එකෙන්ම මමත් මානසික රෝගීන්ගෙ ගොඩට යනවා