
(සනත් ගමගේ)
මසකට රුපියල් දහසකට ආසන්න වතුර බිලක් ආ හුංගම නිවෙසකට ඉකුත් මාසයේ ජලබිල රුපියල් 75,000ක බිලක් පැමිණ ඇතැයි ඩබ්ලිව්.එච් කරුණාවතී නම් කාන්තාවක පවසයි.
නෑමට සහ බීමට පමණක් ඔවුන් ගන්නා බවත් ඒ සඳහා ඒකක 4 වැනි ප්‍රමාණයක් වැය වන බවද ඇය කීවාය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කරුණාවතී මහත්මිය මෙසේ කීවාය.
අය මෙසේ කීවාය ඉකුත් 11 දා වතුර බිල් ලියන මහත්තයා නිවසට පැමිණ වතුර බිල මට දුන්නා වතුර බිල රුපියල් 75000 ක් ඇති බව දැනගත් මට උන්හිටිතැන් අමතක වූ බව ඇය සඳහන් කළාය.
අපි හරිම දුප්පත් අය එදිනදා කුලී වැඩ කරගෙන ජීවත්වෙන්නෙ ඉන්න හිටින්න හරියට ගෙයක් දොරක් නැහැ. ජල බිල්පතේ ඒකක 800 ක් වශයෙන් සටහන් වි ඇත. ජල මනුවේද ඒබව සටහන් වි තිබේ.
නිවැසි කාන්තාව හුංගම හාතගල ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ නඩත්තු කාර්යාෙලය වෙත පැමිණිලි කර ඇත. මේ සම්බන්දව ස්ථානභාර නිළධාරිවරයාගෙන් විමසීමේ දි ඒ මහතා කියා සිටියේ තමා පෞද්ගලිකව මෙම පැමිණිල්ල ගැන සොයා බැලිමටෙ එම නිවසට යන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම බිල්පත දෙස විපරමින් බලන්න.ගණන් බැරි කාටද ?පෙර කියවීම?වර්තමාන කියවීම ?800? පරිභෝජනය ?831?මොලේ කචල් වගේ නේද ?
වතුර ලයින් එකේ බට වලින් කොහේ හරි ලීක් එකක් ඇති. ගෙදර ඔක්කෝම පයිප්ප වහලා වතුර මීටරය කැරකෙනවද බලන්න. කැරකෙනවා නම් අනිවාර්‍යෙන් මඟ බටයක් කැඩිලා ලොකු ලීක් එකක් ඇති. ඉක්මනින් චෙක් කරන්න.
වතුර මීටර් හුලං වලටත් කරකැවෙනවා.