( අම්බලන්තොට සනත් ගමගේ)

ගෑස් සමඟ සිලින්ඩර් තොගයක් පාරිභෝගිකයින්ට අලවි නොකර අඟුණකොලපැලැස්ස ප්ර්දේශයේ සඟවා ගෙන සිටියදී හම්බන්තොට  දිස්ත්රිකක් පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් විසින් සිදුකල කරන ලද වැටලීමක දී සගවා තිබූ ගෑස් සමඟ සිලින්ඩර් තොගය (15) අත් අඩංගුවට ගෙන පාරිභෝගිකයින්ට නියමිත මිළට ලබාදීමට පියවර  ගත් බව හම්බන්තොට දිස්ත්රිික් පාරිභෝගික සේවා කාර් යාලයේ විමර්ශන නිළධාරි  දිනුෂ ලක්මාල් මහතා කීය.

මෙලෙස  මෙම ස්ථානයේ ගෑස් සමඟ ලොරි හතරක  සිලින්ඩර් 4000 කට ආසන්න සංඛ්යාීවක් සඟවා තිබූ බව එම නිළධාරීන් පවසති.
අගුනුකොළපැලැස්ස ප්‍ර දේශයේ අදාළ  ගෑස් අලවි නියෝජිතයා  පාරිභෝගික ජනතාවට  අලෙවි කිරීමට තිබු ගෑස් සිලින්ඩර තොගයක් මෙලෙස  මිල වැඩි වන තෙක්  රහසිගතව සගවා ගෙන සිටි හෙයින් ඔහුට එරෙහිව නිතිය ක්රි යාත්මක කිරිමට කටයුතු කල බවද    හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාරිභෝගික සේවා කාර්යාලයේ නිලධාරීහු පවසති.

ප්‍රධාන කාර්යාලයෙන් ලද  තොරතුරු අනුව  මෙම වැටලීම සිදුකර තිබේ. වැටලීම සිදුකරන අවස්ථාවේ එම ස්ථානයේ තිබු සියලු ගෑස් සිලින්ඩර්  පාරිභෝගිකයින් හට දැනට පවතින  මිලට  අලවි කිරීමට පාරිභෝගික සේවා නිලධාරීන්ගේ මෙහෙය වීමෙන් සිදුකර ඇත.

 මෙම වැටලීම හම්බන්තොට දිස්ත්රි ක් පාරිභෝගික සේවා කාර්යාලයේ  කාර්යභාර නිලධාරී ආර්. සි ලක්ෂමන්  මහතාගේ අධීක්ෂණය යටතේ    විමර්ශන නිලධාරී දිනුෂ ලක්මාල් මහතගේ ප්රැධානත්වයෙන්, විමර්ශන නිලධාරීන් වන එම්.එම් .එන්  පස්නීර් ,එම්  .සමීර් ,ඩබ්.ඒ.කේ  ,සංජීව,එම්.එම් එන් .රම්සින් , එම්,එන් ,එස් සරා,මෙනවිය, ඒල් රත්නායක මහත්මිය  යන  නිලධාරීහු මෙම මෙහෙයුමට එක් වූහ.