
(චන්ද්‍රසේන ගමගේ)
අඟුණකොළපෑලැස්ස ලිට්‍රෝගෑස් තොඟ බෙදා හැරීමේ මධ්‍යස්ථානයක ගබඩා කොට තිබූ විවිධ ප්‍රමාණයේ ගෑස් ටැංකි 4000ක් පමණ පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කළ බව හම්බන්තොට පාර්භෝගික සේවා අධිකාරයේ නිළධාරියෙකු පැවසීය.
පාරිභෝගික සේවා අධිකාරියට ලැබී තිබූ තොරතුරකට අනුව අඟුණකොළපෑලැස්ස පොලීසියේද සහාය ඇතිව මෙම වැටලීම සිදු කළ බවත් එහිදි විශාල ප්‍රමාණයේ ලොරි රථ 03ක මෙම ගෑස් තොගය ගබඩා කොට තිබූ බවත් එම නිළධාරියා පැවසීය.
ප්‍රදේශය පුරා ගෑස් හිඟයක් පවතින මොහොතක මෙසේ ගෑස් තොග රදවා තබා ගෙන සිටීම බලවත් වරදක් බවත් ඒ නිසාම ගබඩා කොට තිබූ ගෑස් තොගය රන්න වාඩිගල තොග බෙදාහැරීමේ මධ්‍යස්ථානයේදී හා අඟුණකොළපෑල්සස තොඟ බෙදා හැරීමේ මධ්‍යස්ථානයේදී පාරිභෝගිකයින්ට ලබා දීමට කටයුතු කළ බවත් පාරිභෝගික සේවා අධිකාරයේ නිළධාරියා පැවසීය
ඉදිරියේදී ලිට්‍රෝ ගෑස් වල මිල ඉහළ යන බවට රාවයක් පවතින අතර එම මිල වැඩි වීම බලා පොරොත්තුවෙන් මෙම ගෑස් තොගය ගබඩා කොට තබන්නට ඇතැයි පාරිභොගික සේවා නිළධාරීහු සැක කරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හංගපු එකාගේ දේශපාලන පක්ෂය ඉස්සෙල්ලාම හොයාගන්න.ඕකුන්ට ඕන රට විනාශයි කිය කියා තමන්ගේ බඩ පුරවාගන්න
ලිපිද්‍රව්‍ය වලටත් මේ දේම වෙනවා. මාස කිහිපයකට පෙර රු.450/- කට ගත් හාෆ් ෂිට් බණ්ඩලය (කොළ 500) ඊයේ රු.950/- ක මිලකට වෙළෙන්දන් අළෙවි කළා.වෙනත් වෙළෙන්දෙක් රු.750/- කට බණ්ඩලයක් දුන්නා.සමහර වෙළෙන්දන් රජයට බණිනා ගමන් තම මඩිය තරකර ගැනීමට කටයුතු කරනවා.මේ දුක්බර කාලයේ සමහර නිෂ්පාදකයන් හා වෙළෙන්දන් අයුතු ලාභ ලබනවා.මිල වැඩිවීමට පෙර ගෙනා බඩු මුට්ටු එදාම ගෙනා එවාසේ විකුණනවා.
ලංකාවේ භාණ්ඩ හිඟයට එක් ප්‍රධාන හේතුවක් නම් කූට බඩගෝස්තරවාදී වෙළෙන්ඳන්... කොන්දක් නැති රජය හොරුන්ට පාරිභෝගිකයා ගසා කන්නට දී උඩ බලාගෙන සිටියි..