
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
රුපියල් ලක්ෂ 15 කට අලෙවි කිරීම සදහා සුදානම් වු වාලම්පුරීයක් හා සුවිශේෂ හක්බෙල්ලන් වර්ග කිපයක් සමඟ සැකකරුවෙකු අද (8) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අලෙවි කිරීම හා සන්තකයෙ තබා ගැනිම තහනම් KING CONCH SEASHELL වර්ගයෙ හක්බෙල්ලන් දෙකක් හා CHIRAGA SPIDER CONEH වර්ගයෙ වාලම්පුරියක් සමග ලංකා මුහුදු හක්බෙල්ලෙකු බව වැටලිම සිදුකල වනජීවි නිළධාරීන් පවසයි.
හක්බෙල්ලන් හා වාලම්පුරිය අත් අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයෙ ඇති බවට ලැබුණ බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි නිළධාරීන් විසින් තොරතුරු සනාථ කර ගැනිමේන් පසු තහනම් දෑ මිළට ගැනිමේ අරමුණින් උපාය දූතයින් යොදවා ගනිමින් මාදම්පේ ප්‍රදේශයෙදී මෙම අත් අඩංගුවට ගැනිම සිදුකර තිබුණි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් හා ඔවුන් පැමිනි යතුරු පැදි හා වාලම්පුරි හා හක්බෙල්ලන් වනජීවි නිළධාරීන් භාරයට ගැනිමේන් පසු ආනවිළුන්දාව වනජීවි කාර්යාලයට රැගෙන විත් අදාල විමර්ශන ආරම්භ කිරිම සිදුව ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පරිස්සම් කරලා හංගලා තියාගන්න ඒක හොඳයි. පරෙස්සම් කරන්නේ කාට ගෙනියන්නද? යනකොට අනිච්ච, දුක්ඛ විකුණලා විදේශ විනිමය ගත්තාම මොකද?
නීතියක් තියනවද මේවා විකුණන්න හරි, කියාගන්න හරි තහනම් කියලා... මම දන්නේ නැති නිසා අහන්නේ...!