
(ෂේන් සෙනෙවිරත්න)
මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා තරගාවලිය යටතේ පේරාදෙණිය විශ්ව විද්‍යාල හොකී පිටිය දී විද්‍යාර්ථ පිලත්, මාතලේ ශාන්ත තෝමස් පිලත් අතර පැවැති අවසන් මහා තරගයේ දී ශාන්ත තෝමස් ක්‍රීඩකයන් ප්‍රතිවාදි ක්‍රීඩකයන්ට හොකී පිතිවලින් පහරදෙමින් කලාකාරී ලෙස හැසිරීම හේතුවෙන් තරඟය අතරමැද නවතා දැමීමට සිදුවිය.
පහරදීමෙන් තුවාල ලැබූ ක්‍රීඩකයන් දෙදෙනෙකු පේරාදෙණිය ශික්ෂන් රෝහලට ඇතුලත් කොට ඇති අතර ඉන් එක් ක්‍රීඩකයෙකුගේ ඔලුවට මැහුම් ද යොදා තිබේ.
විද්‍යාර්ථ විද්‍යාලයේ හොකී පුහුණුකරු වන ගයාන් ධර්මරත්න මහතා පවසා සිටියේ තරඟය ආරම්භ වී විනාඩි 12 ක් පමණ ගතවන අවස්ථාවේ දී විද්‍යාර්ථ ක්‍රීඩකයන් ගෝලයක් වාර්තා කිරීමත් සමඟ ශාන්ත තෝමස් ක්‍රීඩකයන් තම ක්‍රීඩකයන්ට බිම පෙරලාගෙන හොකී පිතිවලින් පහරදීමට පටන් ගත් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්දු කෙලින අතර ඉහල පාසල්වල අමනයන්.. ගීපදය මතක් වුනා. රටට බරක් මේ අය!
හරිම කැතයි . ක්‍රීඩාවේ අරමුණ , ජය-පරාජය දරා ගනිමින් , දෛර්යයෙන් ජීවිතයට මුහුණ දීම නේද?
තම ප්‍රතිවාදියා දක්ෂ නම් තමන්ට වඩා හොඳින් ක්‍රීඩා කරනවා නම් ඒවා අගය කරන්නට පුරුදු වෙන්න ඕනෑ, පුරුදු වෙලා නැතිනම් එවැනි හොඳ ගතිගුණ පුරුදු පුහුණු කරන්න ඔවුන්ව මෙහෙයවන පුහුණු කරුවන් දැනගන්න ඕනෑ.
ඔවුන් තමා කවදහරි පාතාලයට අළුතින් එක්වන්නේ... සුභ පැතුම් එම විද්‍යාල වල විනය සහ ක්‍රීඩා භාර ගුරුවරුන්ට.
හරි නම් එම පාසලේ හොකී තහනමක් කළ යුතුයි. ජීවිත වල වටිනාකමවත් දන්නේ නැති ළමයි සමාජයට එවලා වැඩක් නෑ...
ක්‍රීඩාව කියන්නේ කොයි වගේද කියලා නොදන්න අය? ඇන කොටා ගත්තු අයට උපරිම දඬුවම් දිය යුතුමයි...