
(ෂේන් සෙනෙවිරත්න)
මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා තරගාවලිය යටතේ පේරාදෙණිය විශ්ව විද්‍යාල හොකී පිටිය දී විද්‍යාර්ථ පිලත්, මාතලේ ශාන්ත තෝමස් පිලත් අතර පැවැති අවසන් මහා තරගයේ දී ශාන්ත තෝමස් ක්‍රීඩකයන් ප්‍රතිවාදි ක්‍රීඩකයන්ට හොකී පිතිවලින් පහරදෙමින් කලාකාරී ලෙස හැසිරීම හේතුවෙන් තරඟය අතරමැද නවතා දැමීමට සිදුවිය.
පහරදීමෙන් තුවාල ලැබූ ක්‍රීඩකයන් දෙදෙනෙකු පේරාදෙණිය ශික්ෂන් රෝහලට ඇතුලත් කොට ඇති අතර ඉන් එක් ක්‍රීඩකයෙකුගේ ඔලුවට මැහුම් ද යොදා තිබේ.
විද්‍යාර්ථ විද්‍යාලයේ හොකී පුහුණුකරු වන ගයාන් ධර්මරත්න මහතා පවසා සිටියේ තරඟය ආරම්භ වී විනාඩි 12 ක් පමණ ගතවන අවස්ථාවේ දී විද්‍යාර්ථ ක්‍රීඩකයන් ගෝලයක් වාර්තා කිරීමත් සමඟ ශාන්ත තෝමස් ක්‍රීඩකයන් තම ක්‍රීඩකයන්ට බිම පෙරලාගෙන හොකී පිතිවලින් පහරදීමට පටන් ගත් බවයි.
2025 නොවැම්බර් මස 04
200
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හොකී අවසන් සටන ගුටි බැට හුවමාරුවෙන් නතරවෙයි
Nickon Friday, 15 August 2025 04:03 AM
පන්දු කෙලින අතර ඉහල පාසල්වල අමනයන්.. ගීපදය මතක් වුනා. රටට බරක් මේ අය!
maalaka Friday, 15 August 2025 05:35 AM
හරිම කැතයි . ක්‍රීඩාවේ අරමුණ , ජය-පරාජය දරා ගනිමින් , දෛර්යයෙන් ජීවිතයට මුහුණ දීම නේද?
Bunny Preena Friday, 15 August 2025 09:42 AM
තම ප්‍රතිවාදියා දක්ෂ නම් තමන්ට වඩා හොඳින් ක්‍රීඩා කරනවා නම් ඒවා අගය කරන්නට පුරුදු වෙන්න ඕනෑ, පුරුදු වෙලා නැතිනම් එවැනි හොඳ ගතිගුණ පුරුදු පුහුණු කරන්න ඔවුන්ව මෙහෙයවන පුහුණු කරුවන් දැනගන්න ඕනෑ.
Jayasekara Friday, 15 August 2025 09:56 AM
ඔවුන් තමා කවදහරි පාතාලයට අළුතින් එක්වන්නේ... සුභ පැතුම් එම විද්‍යාල වල විනය සහ ක්‍රීඩා භාර ගුරුවරුන්ට.
Gayan Friday, 15 August 2025 04:27 PM
හරි නම් එම පාසලේ හොකී තහනමක් කළ යුතුයි. ජීවිත වල වටිනාකමවත් දන්නේ නැති ළමයි සමාජයට එවලා වැඩක් නෑ...
ගමේ එකාලා Friday, 15 August 2025 05:40 PM
ක්‍රීඩාව කියන්නේ කොයි වගේද කියලා නොදන්න අය? ඇන කොටා ගත්තු අයට උපරිම දඬුවම් දිය යුතුමයි...