(අංජුල මහික වීරරත්න)
1990 හදිසි ගිලන් රථ සේවාව (සුව සැරිය) අක්‍රීය වන බවට සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන පුවත බොරුවක් බව සුවසැරිය පදනමේ සභාපති මේජර්(විශ්‍රාමික) නිරෝෂන් රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සුව සැරිය සේවය අඛණ්ඩව ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කරයි.
"1990 හදිසි ගිලන් රථ සේවාව (සුව සැරිය) අක්‍රීය වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් සංසරණය වීම පිළිබඳව 1990 හදිසි ගිලන් රථ සේවාවේ පාලන අධිකාරිය නිරීක්ෂණය කර ඇත. සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන මෙම පුවත සම්පුර්ණයෙන් අසත්‍ය, ජනතාව නොමග යන සුළු ප්‍රවෘත්තියක් බව 1990 හදිසි ගිලන් රථ සේවාවේ සභාපති ඇතුළු පාලක මණ්ඩලය අවධාරණය කර සිටී.
1990 හදිසි ගිලන් රථ සේවාව දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්තමක වන අතර, සුපුරුදු අයුරින් අදාල සේවාවන් වඩා උසස් සහ කාර්යක්ෂම අයුරින් ඉටු කරනු ලබන බව ද සඳහන් කරමු. එමෙන්ම, මෙම සේවාව ඉදිරියට ද අඛණ්ඩව පවත්වාගෙන යාම සිදුවන බව අවධාරණය කර සිටිමු යනුවෙන්ද අදාළ නිවේදනයේ සඳහන්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd