
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දි තිදෙනෙකු ගමන් ගත් මෝටර් රථයක් අද (24) සවස උඩුකුරුව පෙරළී යාමෙන් කාන්තාවක් මිය ගොස් තවත් දෙදෙනකු පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි
අනතුරින් මියගොස් ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි කාන්තාවකි
තුවාල ලද දෙදෙනා වයස අවුරුදු 30/36 පසුවන පිරිමි පුද්ගලයකු සහ කාන්තාවකි
කොළඹ සිට මත්තල දෙසට මෝටර් රථය ධාවනය වීමේ බද්දේගම සහ පින්න දූව අතර කිලෝමිටර් 89 දශම 6 ප්‍රදේශයේදී වම්පස ආරක්ෂිත වැටේ ගැටි පෙරළි යාමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත
තුවාල ලැබූවන් ගාල්ල කරා පිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එයින් එක් අයෙකුගේ තත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි
අනතුර හේතුව රියදුරුට නින්දයාමෙන්ද , ටයරයක් පිපිරී යාමෙන් ද යන්න විමර්ශන කරන බව පොලිසිය කියයි
මෝටර් රථය ගැටීමෙන් ආරක්ෂිත වැටටද බරපතළ අලාභ සිදුව ඇත.පින්නදුව රථවාහන පොලිසිය පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd