(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වෛද්‍ය පරීක්ෂණයකට යැයි පවසා සිංගප්පූරුව බලා ඉකුත් 19 වැනි දා  පිටත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද පස්වරුව වන විටත් මෙරට පැමිණියේ නැතැයි ගුවන් තොටුපොල ආරංචි මාර්ග සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඇයට අද දින පෙනී සිටින ලෙස විදෙස් ගත වීම සඳහා ඉකුත් 16 වැනි දින ගුවන් තොටුපළ වෙත ඇය පැමිණී අවස්ථාවේ ලිපියකින් දැනුම් දී තිබුණි.