(ලාල් එස් කුමාර)

ලෝක සාමය පතා වියට්නාමයේ පඤ්ඤාකර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා අද සවස කැලණිය රාජමහා විහාරස්ථානය වෙත වැඩම කළහ.

යක්කල අබේසේකරාරාම විහාරස්ථානයෙන් අද උදෑසන ආරම්භ කර කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ වැඩම කළ උන්වහන්සේලා, දැක ගැනීමට මග දෙපස දහස් ගණන් ජනතාව රැඳී සිටියහ.

මහර ජනාධිපතිි විද්‍යාලය වෙත පැමිණ දහවල් දානය ලබා ගත් භික්ෂූන් වහන්සේ ඉන් අනතුරුව පස්වරු දෙකට පමණ යළි ගමන් ආරම්භ කළහ. 

කැලණිය රජමහා විහාරස්ථානය වෙත පස්වරු හතරට පමණ වැඩම කළහ. උන්වහන්සේලා කැලණිය රාජමහා විහාරස්ථානයේ බුදුමැදුර වෙත වැඩම කළ අතර එහිදි , කැලණිය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති, අග්ග මහා පණ්ඩිත, මහෝපාධ්‍යාය , සම්මාණිත මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් ඇතුළු විහාරවාසී භික්‍ෂූන් වහන්සේලා විසින්ම පිරිත් සජ්ඣායනා කර සාම පා ගමනේ යෙදි සිටින පඤ්ඤාකර හිමියන් ඇතුළු පිරිසට ආශිර්වාද කළහ. පඤ්ඤාසාර හිමියන් ඇතුළු පිරිස විවේක කුටි වෙත වැඩම. කළහ.

පඤ්ඤාකර හිමියන්  හෙට (28) උදෑසන 8.00 සිට 11.00  දක්වා කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් සහ කැළණිය ධර්ම විද්‍යාලයේ සිසුන් සඳහා දේශනයක් පැවැත්වීමට නියමිතය.