(බිමල් ශ්‍යාමන් ජයසිංහ, සුමිත් පොතුපිටිය සහ ප්‍රේමතිලක පෙරමුණ)

නිදි යහන මතදී වයස අවුරුදු තුනහමාරක දරුවාගේ ගෙල මිරිකා ඝාතනය කළ බවට සැක කරන පුද්ගලයාගේ සිරුර  නිවස පිටුපස ගසක එල්ලෙමින් තිබියදී හමුවූ බව මීගහතැන්න පොලිසිය කියයි.

ඝාතනයට ලක්ව ඇත්තේ මීගහතැන්න, පහළ හෙවිස්ස, කනේ පුර ගොඩ පදිංචිව සිටි එම්. නෙතුම් සත්සර  දරුවාය.

සියදිවි නසා  බවට සැක කරන එම පුද්ගලයා එම ගමේම පදිංචි ව සිටි කුලී රැකියාවල නියුතු එච් සවින්ත (22)  නමැති පුද්ගලයෙකි

ඔහු ඝාතනයට ලක් වූ දරුවාගේ මවගේ අනියම් පුරුෂයා ලෙස එම නිවසේම ගත කරන අය බවට පොලීස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත 

දරුවා ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිසිය කියයි

මීගහතැන්න  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ එස් චම්මික මහතාගේ උපදෙස් මත  පොලිස් පරීක්ෂක කුමාරරත්න, උප පොලිස් පරීක්ෂක ජයසිංහ මහත්තුරු පරීක්ෂණ පවත්වයි

(ඡායාරූප: සුමිත් පොතුපිටිය)