IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සුළි කුණාටුවේ බලපෑමෙන් නිවාස 1,302කට හානි

(ඩයනා උදයංගනී)

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වූ ‘මැන්ඩවුස්’ සුළි කුණාටුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8කට බලපෑම් එල්ල වූ අතර ඇති වූ තද සුළං සහ ගස් කඩා වැටීම් ආදිය හේතුවෙන් නිවාස 1,302කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

බදුල්ල, මොනරාගල, නුවරඑළිය, අම්පාර, මඩකලපුව, රත්නපුර, කෑගල්ල සහ යාපනය යන දිස්ත්‍රික්කයන්ට මෙම බලපෑම එල්ල වූ අතර, ඉන් පවුල් 1,302කට අයත් 4,335 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

මෙම සුළිකුණාටුවේ බලපෑමෙන් ඊයේ (8) සහ අද (9) දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වූ අතර, තද සුළං, වැසි හා රාත්‍රියේ අධික ශීතලක් ද පැවතිණි.

මින් වැඩිම බලපෑමක් එල්ලවූයේ ඌව පළාතට වන අතර, එම පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 723කට අයත්, 2,093 දෙනකු සහ මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 193කට අයත් 711 දෙනෙක් වශයෙන් එම පළාත තුළ පවුල් 916කට අයත් පුද්ගලයන් 2,093 දෙනකු පීඩාවට පත්ව සිටිති.



අදහස් (2)

සුළි කුණාටුවේ බලපෑමෙන් නිවාස 1,302කට හානි

sharm warn Friday, 09 December 2022 04:41 PM

අර මැයි 9 ගිනි තියා ගත්ත මන්දිර ගැන පත්තු වෙච්ච හදවත් වලට මෙව දැනෙයිද කියල බලමුකො.. එහෙම වෙන්න ඉතින් මැතිවරණයක් කඩා වැටෙන්නම වෙයි..

:       0       8

පිටිගල මිලානෝ Friday, 09 December 2022 04:58 PM

ඉතාලියට ගෙන්නාගන්න කියලා මේදිනවල නිතර නහයෙන් අඩන නෑයෙක් ඒ දේටම අද කතාකරලා කියනවා ඉක්මනට ගෙන්නාගන්න බලන්න ලංකාවේ ඉන්න බෑ සීතලයි කියලා. එයාට අවබෝධයක් නැහැ මම ඉන්නේ ඍණ දෙකේ කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site