
(ප්‍රසන්න පත්මසිරි)
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාත සුළි කුණටුව නිසා ඌව පළාතේ පාසල් 26ක් අද දින වසා තැබීමට කටයුතු කළ බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම් රත්නියක මහතා පැවසීය.
අධික සුළං තත්වය නිසා මාර්ග අවහිරවීම,පාසල්වලට ගස් කඩා වැටීම,විදුලිය විසංදි වීම සහ නිවාසවලට දැඩි හානි සිදුවීම නිසා පාසල්වලට සිසුන් පැමිණිමේ අඩුවක් පැවතීමත් ප්‍රදේශයට පවතින සුළං තත්වය නිසා මෙසේ පාසල් වසා දැමීමට කටයුතු කළ බව කීය.
මේ අනුව පස්සර අධ්‍යාපන කළාපයේ සිංහල හා දමිල පාසල් විස්සක්,බිබිල කලාපයේ මැදගම පාසල් තුනක් සහ මොණරාගල කළාපයේ බඩල්කුඹර ප්‍රදේශයේ පාසල් තුනක් වසා තැබීමට කටයුතු කර තිබේ.
පස්සර,ලුණුගල,බිබිල,මැදගම,බඩල්කුඹුර,ඇල්ල සහ හල්දුම්මුල්ල ප්‍රදේශවල පාසල වලට දරුවන් පැමිනීමේ අඩුවත් තිබු බවත් පාසල් විසි හයක දරුවන් ආරක්ෂිතව නිවෙස්වලට පිටත් කර යැවීමටත් අධ්‍යාපන බළධාරීන් කටයුත කර තිබේ.

COMMENTS