
(රොමේෂ් මධුෂංඛ)
යාපනය අධිකරණයේ පෙනී සිටින ලෙසට දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතාට දන්වා එවන ලද ලියවිල්ල සිංහල භාෂාවෙන් තිබීම හේතුවෙන් එය බාර ගැනීමට නොහැකි බවට මන්ත්‍රීවරයා විසින් පොලීසියට දැනුම් දී ඇත.
යාපනය අධිකරණයේ ලබන 20 වනදා පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් පොලිස් නිලධාරීන් දෙනඅකු ලියවිල්ලක් බාරදීමට මන්ත්‍රීවරයා හමුවූ අවස්ථාවේදී අදාල ලියවිල්ල සිංහල භාෂාවෙන් තිබීම හෙතුවෙන් තමාට සිංහල කියවීමට නොහැකි බව පොලීසියට පවසා සිටියේය.
පසුව පොලිස් නිලධාරීන් විසින් එය පරිවර්තනය කොට මන්ත්‍රීවරයාට ලබාදීමේදී මන්ත්‍රීවරයා පවසා සිටියේ සිතාසියක්හෝ අධිකරණ නියෝගයක් නිකුත් කිරීමට පොලීසියට නොහැකි බවටත් තමන්ට දමිළ භාෂාවෙන් අධිකරණය මගින් ලියාපදිංචි තැපෑලෙන් සිතාසියක් ලැබෙන්නේ නම් පමණක් පිළිගන්නා බවටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුට බල්ලෙක්ගෙ බාසාවෙන් බුරල කිවුවනම් හරි.
ඒක සාධාරණයි .අපිට දෙමළින් ආවත් ඔය ටිකමනේ .භාෂා දෙකෙන්ම යවන්න
සාමාන්‍යයෙන් සිතාසියක් පිස්කල් විසින් තමයි බාරදීම කරන්නේ ශ්‍රීධරන් කරපු දේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති අනුව නිවැරදියි. පොලිස් නිලධාරින් කරලා තියෙන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමක් කියලා කියන්න පුළුවන්...
මුන්ට පාඩමක් උගන්න්වමු... ගේමු රාජපක්ෂ ලාව
අවුරුදු 75ක් ගිහිල්ලත් මේ වගේ සාධාරණ ඉල්ලීම් ඉටු කරන්න බැරි එකම ඇති ආපහු දෙමළ ජනතාව යුද්ධයකට තල්ලු කරලා දාන්න.
මේ අමන පාලකයෝ මේවා විසදන්නේ නැත්තේ මේ ප්‍රශ්න හිගන්නගේ තුවාලේ වගේ උන් ගේ පැවැත්මට පාවිච්චි කරන්න.
ඒ්ක සාදාරන ක්‍රියා මර්ගයක්, රට බෙදන්න නොවෙයි එකතුවෙලා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන තමන්ට ලැබි අති අයිතිවාසිකම් ආරක්ශා කරගන්න ජනතාව සංවිදාන විය යුතුයි.
මාත් දෙමලනම් මේ වගේ තමයි කරන්නෙ
අචර්ය න්.ම් පෙරෙරා මහත්තය අවුරුදුගනකට කලින් මෙක කිව්වම, බන්ඩාරනායකල මෙක විකුනම් කෑව.
ඒක සාධාරණයි