(අංජුල මහික වීරරත්න)

සහල් සඳහා පාලන මිලක් පැනවීමට කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඒ අනුව අවුරුදු සමය වන විට සහල් අඩු මිලට ලබා දෙන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා නාඩු සහල් රුපියල්  140කට ලබාදීමට හැකිවනු ඇතැයි ද සඳහන් කළේය.

රජය සතු සහල් තොග වෙළඳපොළට  නිකුත් කිරීමට කටයුතු කරන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසූයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදීය.